ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැනිදා එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මාලිංගට අහිමිවේ.
ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට එරෙහිව මේ මස 24 වැනිදා පළමු පුහුණු තරගයට සහභාගි වන අතර මාලිංග එම තරගයේ සිට කණ්ඩායමට එක්වීමට නියමිතය.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායකත්වයෙන් මාලිංග ඉවත් කිරීමෙන් පසු ඔහු අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට විවිධ පාර්ශවලට පවසා තිබූ බව ද වාර්තා විය.
මාලිංග ශ්‍රී ලංකාවට පැමිණිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවී තමන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන බව දැනුම්දී තිබේ.
අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසුව මාලිංග මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.