Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංගගේ වාර්තාව සකීබ් බිඳහෙළයි

මාලිංගගේ වාර්තාව සකීබ් බිඳහෙළයි

editorial - 2021 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

විස්සයි-20 තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩ‍කයා ලෙස ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග (කඩුලු 107) තබා තිබූ වාර්තාව බිඳ දැමීමට බංග්ලාදේශයේ සකිබ් අල් හසන් (කඩුලු 109) සමත් විය. ස්කොට්ලන්තයට එරෙහිව අද (17 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳහෙළමින් සකීබ් එම වාර්තාව බිඳ දැමුවේය.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය ලෙස ඕමානයේ අල් ඇමිරත්හිදී ‍පැවැති එම තරගයෙන් ලකුණු 6 ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 141 ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ක්‍රිස් ග්‍රේව්ස් ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත්විය.

බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ග්‍රේව්ස්ට අනගි සහායක් දුන් බ්‍රැඩ්ලි වීල් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම ඕවර 20 අවසාන‍යේ කඩුලු 9 ක් දැවී ලකුණු 140 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ක්‍රිස් ග්‍රේව්ස් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය.

ලකුණු 53 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී මාර්ක් වොට් (22) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ග්‍රේව්ස් අඩපණ වී තිබූ ස්කොට්ලන්ත ඉනිමට නව ජවයක් එක් කළේය. පන්දු 17 කදී වාර්තා වූ වොට්‍ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

 

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 7 දැවී 134

(සකීබ් අල් හසන් 20, මුෂ්ෆිකුර් රහීම් 38, මහමදුල්ලා රියාද් 23, අෆී‍ෆ් හොසේන් 18, මෙහෙදි හසන් නොදැවී 13, බ්‍රැඩ්ලි වීල් 24/3, ක්‍රිස් ග්‍රේව්ස් 19/2)  

 

ස්ක‍ොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 9 දැවී 140

(ජෝජ් මුන්සේ 29, ක්‍රිස් ග්‍රේව්ස් 45, මාර්ක් වොට් 22, මෙහෙදි හසන් 19/3, සකීබ් අල් හසන් 17/3, මුස්තෆසුර් රහමන් 32/2)


අදහස් (0)

මාලිංගගේ වාර්තාව සකීබ් බිඳහෙළයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.