Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා

මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීතිමාලාව යටතේ හිටපු බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව චෝදනා 4 ක් ගොනු කර තිබේ. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැති දහයයි10 තරගාවලියට සහභාගිවන්නන් සඳහා වූ  ‘දූෂණ සංග්‍රහයේ‘ නියමයන්’ උල්ලංඝනය කිරීම හේතුවෙන් එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය (ඊ.සී.බී) වෙනුවෙන් සැමුවෙල්ස්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් චෝදනා එල්ල කර ඇත.

මාලන් සැමුවෙල්ස්ට එල්ලවී ඇති චෝදනා 4 පහත පරිදි වෙයි.

2.4.2 වගන්තිය - සහභාගිවන්නා හෝ ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් විය හැකි යම් අවස්ථාවක දී තෑග්ගක්, ගෙවීමක්, ආගන්තුක සත්කාරයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලැබීම හෝ ලබා දීම සම්බන්ධව නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාට එය හෙළි කිරීමට අපොහොසත් වීම.

2.4.3 වගන්තිය - ඇමරිකානු ඩොලර් 750 ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් දූෂණ විරෝධී සත්කාරයන් පිළිගැනීම සහ හෙළි කිරීමට අපොහොසත් වීම.

2.4.6 වගන්තිය - දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම.

2.4.7 වගන්තිය - විමර්ශනයට අදාළ විය හැකි තොරතුරු වසන් කිරීමෙන් දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.


මෙම චෝදනා වලට ප්‍රතිචාර දැක්වීම සඳහා සැමුවෙල්ස්ට දින 14 ක කාලයක් ලබා දෙනු ඇත.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 71 ක්, එක්දින තරග 207 ක් සහ විස්සයි20 තරග 67 ක් ක්‍රීඩා කළේය. එහිදී ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ලකුණු 11,134 ක් සහ කඩුලු 152 ක් ලබා ගෙන ඇත.

- 2079

 


අදහස් (0)

මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.