Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංගගේ දස්කම් අපතේ යයි

මාලිංගගේ දස්කම් අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) කි‍්‍රකට් තරගාවලියේ වැන්කඬේ  ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී චෙන්නායි සුපර්කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර අද (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර්කිංග්ස් පිල  ඕවර 19.3 ක් අවසානයේ කඩුලූ 6 දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පන්දු 51 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 57 ක් රැස්කළ ඞ්වේන් ස්මිත් තරගය ජයගැනීමට සඳහා මනා අඩි තාලමක් දැමුවේය. මුම්බායි පිලේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්වූ ලසිත් මාලිංග ඕවර 4 ක් යවමින් ලකුණු 15 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර්කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල නියමිත  ඕවර 20 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය.

එහිදී පන්දු 43 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළ අම්බටි රයිඩු, දෙවැනි කඩුල්ල සඳහා ලෙන්ඞ් සිමන්ස් (32) සමග ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනගමින්ද, තෙවැනි කඩුල්ල සඳහා රෝහිත් ශර්මා (19) සමග ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනගමින්ද තම කණ්ඩායමේ ලකණු සංඛ්‍යාව ඉහළ දැමීය.

චෙන්නායි පිලේ අංක එකේ දඟ පන්දුයවන්නා වන රවිචන්ද්‍රන් අෂ්වින්  ඕවර 4 ක් යවා, ලකුණු 30 කට මුම්බායි පිලේ මුල් පෙළ කඩුලූ 3 ක් බිඳදැමීමට සමත්විය.


මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 කට 157
(ලෙන්ඞ්ල් සිමන්ස් 38, අම්බඩි රයිඩු 59, රෝහිත් ශර්මා 19, කෝරි ඇන්ඩසන් 18, රවිචන්ද්‍රන් අෂ්වින් 30/3)

චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 19.3 කදී කඩුලූ 6 කට 160
(ඞ්වෙන් ස්මිත් 57, බ්‍රෙන්ඩන් මැකලම් 13, සුරේෂ් රයිනා 19, ෆෆ් ඩුප්ලෙසි 31, මහේන්ද්‍ර සිං දෝනි 22, ලසිත් මාලිංග 15/2, ප‍්‍රවීන් කුමාර් 31/2)

 

- 036


අදහස් (0)

මාලිංගගේ දස්කම් අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.