අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ, මාරපොල මහ විදුහල සහ කොළඹ මහාබෝධි විදුහල අතර මාරපොල මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මාරපොල මහ විදුහල සමත් විය.
එහිදී මහාබෝධි විදුහලේ ගනේෂන් කනිෂ්ක නොදැවී ලකුණු 86 ක් රැස්කළ අතර එම විදුහලේම දිනේෂ් කුමාර ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දසකම් දැක්වීය.
මාරපොල මහ විදුහල - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 160
(ඉමේෂ් හසංජිත් 33, නිනෙත් දක්ෂිණ 33, දිනේෂ් කුමාර 29/6, නිපුන කුමාර 27/2)
මහාබෝධි විදුහල - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 153
(ගනේෂන් කනිෂ්ක නොදැවී 86, දිනේෂ් කුමාර 24, උෂාන් චමෝද් 35/2, නිනෙත් දක්ෂිණ 60/2, පසිඳු හේෂාන් 40/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.