Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතලේ තෝමසුවන්ට ඉනිමක ජයක්

මාතලේ තෝමසුවන්ට ඉනිමක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පණ්ඩුල උඩුපිහිල්ලගේ තුන් ඉරියව් දස්කම් නිසා යාපනයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් යාපනය ශාන්ත පැට්‍්‍රක් විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත්විය.

පළමු ඉනිම ලකුණු 63 කට සීමාවීම නිසා ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 139 ක් රැස් කිරීමේ අභියෝගයකට මුහුණදුන් ශාන්ත පැට්‍රික් විදුහලට, දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකිවූයේද ලකුණු 134 ක් පමණි.

දුලාන් අබේසේකර ලකුණු 19 කට පැට්‍්‍රක් විදුහලේ පළමු ඉනිමේ කඩුලූ 5 ක් දවාගත් අතර පණ්ඩුල උඩුපිහිල්ල ලකුණු 29 කට දෙවැනි ඉනිමේ කඩුලූ 6 ක් දවාගැනීමට සමත්විය.

ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 91 කදී සියලූදෙනා දැවී 201
( පණ්ඩුල උඩුපිහිල්ල 54, සමාධි රාජපක්ෂ 48, මයන්ත අළුවිහාරේ 39, ජේ. ජෙරික්සන් 90/4)

ශාන්ත පැට්‍රික් විදුහල පළමු ඉනිම ඕවර 22 කදී සියලූදෙනා දැවී 63
(ජේ. කොලින්ස් 15, දුලාන් අබේසේකර 19/5, ඉෂාර කුමාරසිරි 31/3, පණ්ඩුල උඩුපිහිල්ල 13/2)

ශාන්ත පැට්‍රික් විදුහල දෙවැනි ඉනිම ඕවර 51 කදී සියලූදෙනා දැවී 134
(ඒ. සුබනීෂන් 44, සී. ඩැනියෙල් 30, එස්. කබිලන් 25, පණ්ඩුල උඩුපිහිල්ල 29/6, ඉෂාර කුමාරසිරි 46/2)

036


අදහස් (0)

මාතලේ තෝමසුවන්ට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.