ලසිත් ලක්ෂාන්ගේ ශතකය සහ දිලිප් තාරකගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තාරගාවලියේ තරගයකින් පානදුර ශාන්ත ජෝන් විදුහල පරදවා කඩුලූ 9 ක පහසු ජයක් අත්කරගැනීමට මාතර ශාන්ත තෝමස් විදුහල සමත්විය. ජයග‍්‍රහණය සඳහා අවශ්‍යවූ ලකුණු 9, එක් කඩුල්ලක් පමණක් දැවී රැස්කිරීමට ශාන්ත තෝමස් විදුහලේ පිතිකරුවෝ සමත්වූහ.
ශාන්ත තෝමස් විදුහලේ ආරම්භක පිතිකරු ලසිත් ලක්ෂාන් පන්දු 91 කදී හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමගින් ලකුණු 103 ක් රැසකළ අතර දිලූම් කි‍්‍රෂාන් (67) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 156 ක සම්බන්ධතාවයක් ගොඩ නඟමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කඩුල 6 කට 276 ක් දක්වා ඔසවා තැබීය.
ලසිත් මෙම තරග වාරයේදී රැස්කළ තෙවැනි ශතකය මෙය වන අතර මින් පෙර ඔහු හොරණ තක්ෂිලා විදුහලට සහ දෙහිවල ශාස්ත‍්‍රානන්ද මහ විදුහලට එරෙහිව ශතක රැස්කරගෙන තිබේ.
ශාන්ත ජෝන් විදුහලේ ඉනිම් දෙකේදීම කඩුලූ 5 බැගින් දවාගත් දිලිප් තාරක, තරගයේදීම ලකුණු 94 කට කඩුලූ 10 ක් දවාලමින් ජයග‍්‍රහණයේ ප‍්‍රබල කොටස් කරුවෙකු බවට පත්විය.
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 58.3 කදී කඩුලූ 6 කට 276
(ලසිත් ලක්ෂාන් 103, දිලූම් කි‍්‍රෂාන් 67, පි‍්‍රන්ස් දළුගොඩ 49, විදත් ජයනිඳු නොදැවී 36, අයේෂ් මධුසංක 39/2, හර්ෂ සල්ගාදු 72/2)
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම ඕවර 52.1 කදී සියලූදෙනා දැවී 143
(නඳුන් දර්ශන 43, රුසිත් සිල්වා 21, තනුජ අකලංක 20, දිලිප් තාරක 44/5, නවිඳු උදේෂ් 11/2)
ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම ඕවර 50.2 කදී සියලූදෙනා දැවී 142
(ඉසුරු ලක්පි‍්‍රය 45, සිතුම් ප‍්‍රමෝද 28, නඳුන් දර්ශන 21, දිලිප් තාරක 50/5, නවිඳු උදේෂ් 45/4)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම ඕවර 5.3 කදී එක් කඩුල්ලකට 11
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.