Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතර රාහුලයට ඉනිමක ජයක්

මාතර රාහුලයට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට මාතර රාහුල විදුහල සමත්විය.

ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය පී. ද. එස්. කුලරත්න විදුහලට සිය දෙවැනි ඉනිමේදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 129 ක් පමණි.

රාහුල විදුහලේ හර්ෂ රාජපක්ෂ ලකුණු 115 ක් රැුස්කරමින් සහ ලකුණු 93 කට කඩුලූ 6 ක් දවාගනිමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය. ඔහුට අනගි සහයක් දුන් යසිරු හෙවනඳුගල ඉනිම් දෙකේදීම කඩුලූ 4 බැගින් දවාලමින් තරගයේදීම ලකුණු 56 කට කඩුලූ 8 ක් දවාගැනීමට සමත්විය.

 

රාහුල විදුහල පළමු ඉනිම -  ඕවර 78.5 කදී සියලූදෙනා දැවී 294
(හර්ෂ රාජපක්ෂ 115, සහන් හෙන්දාවිතාරණ 44, කළණ රසාංග 36, රුක්ෂාන් ගුණවර්ධන 43, දිලීප ජගත්සිරි 22, කසුන් තාරක 111/4, දිල්ෂාන් මධුරංග 36/3)

පී. ද. එස්. කුලරත්න විදුහල පළමු ඉනිම -  ඕවර 34.1 කදී සියලූදෙනා දැවී 104
(මලීෂ හර්ෂජීව 21, නිසල චරන්ත 19, චලිත චමෝද 16, හර්ෂ රාජපක්ෂ 39/4, යසිරු හෙවනඳුගල 24/4, පසන් සමරතුංග 11/2)

පී. ද. එස්. කුලරත්න විදුහල දෙවැනි ඉනිම -  ඕවර 34.4 කදී සියලූදෙනා දැවී 129
(චලිත චමෝද 30, අමන්ත මධුෂංක 29, සුපුන් සඳරුවන් නොදැවී 26, මලීෂ හර්ෂජීව 21, යසිරු හෙවනඳුගල 32/4, පසන් සමරතුංග 39/3, හර්ෂ රාජපක්ෂ 54/2)

- 036

 


අදහස් (0)

මාතර රාහුලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.