යසිරු හෙවනඳුගලගේ දක්ෂ පන්දු යැවීම නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේදී කළුතර තිස්ස විදුහලට එරෙහිව මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් වාර්තා කිරීමට මාතර රාහුල විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා අවශ්‍යවූ ලකුණු 58 එක් කඩුල්ලක් පමණක් දැවී රැුස්කිරීමට රාහුල විදුහලේ පිතිකරුවෝ සමත්වූහ.
රාහුල විදුහලේ පිටදඟ පන්දුයවන්නකු වන යසිරු හෙවනඳුගල ලකුණු 81 කට කඩුලූ 12 ක් දවාගනිමින් තිස්ස විදුහලේ ඉනිම් දෙක ලකුණු 99 කට සහ 98 කට සීමා කළේය. ලකුණු 74 කට කඩුලූ 8 ක් දවාගත් පසන් සමරතුංග ඔහුට අගනා සහයක් ලබාදුන්නේය.
තිස්ස විදුහල පළමු ඉනිම ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 99
(රුමේෂ් මධුෂාන් 37, නවීන් ධනුෂ 25, සංඛ චතුරංග 16, යසිරු හෙවනඳුගල 31/8, පසන් සමරතුංග 29/2)
රාහුල විදුහල පළමු ඉනිම ඕවර 50 කදී කඩුලූ 7 කට 140
(පිරුණ තිලක් කුමාර 29, කලණ හසරංග 18, තිලිණ මානගේ 29, සහන් මධුකල්ප නොදැවී 22, චරිත් දුෂාන්ත 30/3)
තිස්ස විදුහල දෙවැනි ඉනිම ඕවර 36.2 කදී සියලූ දෙනා දැවී 98
(සංඛ චතුරංග 41, රුමේෂ් මධුෂාන් 20, හිමාෂ සචින් 17, පසන් සමරතුංග 45/6, යසිරු හෙවනඳුගල 50/4)
රාහුල විදුහල දෙවැනි ඉනිම ඕවර 8.3 කදී කඩුල්ලකට 59
(ඞී. ඩිල්ශාන් නොදැවී 15)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.