Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේල ලෝක කුසලාන ලකුණු 1000 ඉක්මවයි

මහේල ලෝක කුසලාන ලකුණු 1000 ඉක්මවයි

ශනුක අරවින්ද - 2015 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර නවසීලන්තයේ ඩනෙඩින් නුවරදී අද (22 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 25 ක් රැස්කරගැනීමත් සමගම ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු 1000 කඩයිම පසුකිරීමට මහේල ජයවර්ධන සමත් විය. 

ලෝක කුසලාන තරග වලදී ලකුණු 1000 ක් ලබාගත් සිවුවැනි ශී‍්‍ර ලාංකිකයා වන්නේ මහේල ජයවර්ධනයි. මේ දක්වා ලෝක කුසලාන තරග 35 කට සහභාගි වී ඇති මහේල ඊයේ ලබාගත් ලකුණු 100 ත් සමගින් රැස්කරගෙන ඇති ලෝක කුසලාන ලකුණු සංඛ්‍යාව 1075 කි. 

සනත් ජයසූරිය (1165), අරවින්ද ද සිල්වා (1064) සහ කුමාර් සංගක්කාර (1037) තිදෙනා මහේලට පෙර ලෝක කුසලාන ලකුණු 1000 කඩයිම පසුකර ගොස් තිබිණ.
 
ඊයේ තරගයේදී මහේල ජයවර්ධන ලකුණු 100 ක් ලබාගත් අතර එය ඔහුගේ 19 වැනි එක්දින අන්තර්ජාතික ශතකයයි. එය ලෝක කුසලාන තරගවලදී ශී‍්‍ර ලාංකික පිතිකරුවකු විසින් ලකුණු 50 කට හෝ වැඩියෙන් ලබාගත් 9 වැනි අවස්ථාවද වෙයි. 

මහේල සමගම මෙම වාර්තාව උසුළන අනෙක් ශී‍්‍ර ලාංකිකයා වන්නේ සනත් ජයසූරියයි. 


අදහස් (0)

මහේල ලෝක කුසලාන ලකුණු 1000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.