Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

මහින්ද ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

editorial - 2023 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් I කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විදුහල ඊයේ (9 වැනිදා) සමත් විය.
 
කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් මහින්ද විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

තරගය නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉසිපතන විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 256 ක් ලබා සිටි අතර ඉන් කඩුලු 6 කටම හිමිකම් කීමට තරුෂ දිල්ෂාන් සමත් විය.

මෙම තරගයේදී මහින්ද විදුහල වෙනුවෙන් ධනුජ ඉඳුවර (84), හරීන් අචින්ත (74) සහ හිරුන ගාල්ලගේ (68) ද, ඉසිපතන විදුහල වෙනුවෙන් යුනෙත් සෙනෙවිරත්න (54) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 8 ක් දැවී 300
(ධනුජ ඉඳුවර 84, හරීන් අචින්ත 74, හිරුන ගාල්ලගේ 68, ප්‍රමේෂ් මධුභාෂණ 23, තරුෂ්ක අෂේල් 47/3)

ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 104.3 කදී කඩුලු 9 ක් දැවී 256
(යුනෙත් සෙනෙවිරත්න 54, තරුෂ්ක අෂේල් 38, සිතුක ගුණවර්ධණ නොදැවී 39, තරුෂ නෙත්සර 31, යෙසිත් කළුපහන 28, තරුෂ දිල්ෂාන් 90/6, ධනුජ ඉඳුවර 55/2)

 


අදහස් (0)

මහින්ද ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.