කොළඹ මහානාම විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.
එහිදී බිනුල අල්ගවත්ත (75) සහ ඉනුක කරන්නාගොඩ (නොදැවී 62) මහානාම විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර පසිඳු විමන්ශ (80) සිරි කුරුස විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගත්තේය.
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 8 ක් දැවී 252
(බිනුල අල්ගවත්ත 75, ඉනුක කරන්නාගොඩ නොදැවී 62, කවිඳු අමනෙත් 47, හංසජ බ්‍රයන් 27/3, පසිඳු විමන්ශ 26/2, ෂොනාල් පෙරේරා 46/2)
සිරි කුරුස විදුහල පළමු ඉනිම - ඕවර 49 කදී සියලු දෙනා දැවී 166
(පසිඳු විමන්ශ 80, තිමිර සිල්වා 35, තරුෂ විදානපතිරණ 14/3, කූජන පෙරේරා 26/3, රුවින් සිල්වා 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.