Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල කඩුලු 5 කින් පරාජය කළ මහනුවර ෆෝල්කන්ස් ක්‍රීඩකයෝ එල්.පී.එල්. තරගාවලියේ දින දෙකක් ඇතුළත දෙවැනි ජයත් ලබාගත්හ. හම්බන්තොටදී අද (07වැනිදා) පැවැති තරගයේදී ලකුණු 122 ක පහසු ඉලක්කයක් කරා ගිය මහනුවර පිල ඕවර 5 ක් ඉතිරිව තිබියදීම ඉලක්කය පසුකර ගියේය.
පන්දු 34 කින් ලකුණු 44 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් මහනුවර පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූවත් තරගයේ වාසිය මහනුවරට ගෙනැවිත් දුන්නේ කාලෝස් බ්‍රැත්වෙයිට් විසිනි.
තම ඕවර 4 එක දිගටම යැවූ කාලෝස් බ්‍රැත්වෙයිට්ගේ (14/4) අසහාය පන්දු යැවීම හමුවේ අමාරුවේ වැටුණු ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඕවර 8 ක් ඇතුළතදී ලකුණු 35 කට කඩුලු 5 ක් අහිමි කරගත්තේය. එහෙත් හයවැනි කඩුල්ල වෙනුවෙන් මොවින් සුබසිංහ (40) සහ ඉමාඩ් වසීම් (34) එක්ව ගොඩනැංවූ ලකුණු 65 ක සම්බන්ධතාව නිසා යන්තම් හිස් ඔසවාගත් ගාල්ල ක්‍රීඩකයෝ ඕවර 20 ක් අවසානයේදී ලකුණු 121 කට සීමා වූහ.
මොවින් සුබසිංහ හතරේ පහර 4 ක් සහ හයේ පහර දෙකක් සමගින් පන්දු 38 කදී ලකුණු 40 ක් ලබාගත්තේය.
ගාල්ල ග්ලැඩියේටර්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 121
(කුසල් මෙන්ඩිස් 14, නුවනිඳු ප්‍රනාන්දු 13, මොවින් සුබසිංහ 40, ඉමාඩ් වසිම් 34, කාලෝස් බ්‍රැත්වෙයිට් 14/4, සහූර් ඛාන් 26/2)
මහනුවර ෆෝල්කන්ස් - ඕවර 15 කදී කඩුලු 5 ක් දැවී 123 යි
(පැතුම් නිස්සංක 22, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 20, කමිඳු මෙන්ඩිස් 44, ෆේබියන් ඇලන් 10, නුවන් ප්‍රදීප් 34/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.