Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි මහනුවර කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 78 ක් ලබා සිටියේය.
ඒ අනුව මහනුවර කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 40 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය අවසානයේ කමිල් මිෂාර හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 30 ක්ද, අහන් වික්‍රමසිංහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 18 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
මහනුවර කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 210 ට පිළිතරු වශයෙන් ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 248 ක් ලබාගත් අතර එහිදී ධනංජය ලක්ෂාන් (68) සහ විෂාද් රන්දික (80) අර්ධ ශතක ලබාගත්හ. වනුජ සහන් සහ නිම්සර අතරගල්ල කඩුලු 3 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 210
(පවන්ත රත්නායක 56, ළහිරු උදාර 19, කමිල් මිෂාර 21, වනුජ සහන් 56, අෂීන් ඩැනියෙල් නොදැවී 20, ධනංජය ලක්ෂාන් 26/3)
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 248
(ධනංජය ලක්ෂාන් 68, විෂාද් රන්දික 80, නිෂාන් පීරිස් නොදැවී 29, වනුජ සහන් 55/3, නිම්සර අතරගල්ල 72/3, ළහිරු උදාර 25/2)
මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 78
(ළහිරු උදාර 22, කමිල් මිෂාර නොදැවී 30, අහන් වික්‍රමසිංහ නොදැවී 18, නිෂාන් පීරිස් 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.