Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර තෙනුක කඩුලු 10 න් 9 ක් දවාගනී

මහනුවර තෙනුක කඩුලු 10 න් 9 ක් දවාගනී

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න්  පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගයක, ඉනිමකදී දවාගත හැකි කඩුලු 10 න් කඩුලු 9 ක්ම දවාගැනීමට මහනුවර 1 වැනි කලාප කණ්ඩායමේ තෙනුක ඒකනායක සමත් විය. තෙනුකගේ මෙම පන්දු යැවීම 19 න්  පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීමයි.

දකුණතින් මඳ වේග පන්දු යවන තෙනුක, මඩකපුව දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඕවර 6.4 ක් (පන්දු 40 යි) යැවූ අතර ඔහුගේ පන්දු යැවීමට නිලකුණු ඕවර 2 ක් ද ඇතුළත් විය. මෙම පන්දු 40 ඇතුළත ලකුණු 10 ක් පමණක් දෙමින් කඩුලු 9 ක් දවාගැනීමට ඔහුට හැකිවිය.
තෙනුකගේ පන්දු යැවීම හේතුවෙන් මඩකලපුව කණ්ඩායම ඕවර 15.4 කදී ලකුණු 54 කට දැවී ගිය අතර මහනුවර 1 වැනි කලාප කණ්ඩායමට ලකුණු 281 ක දැවැන්ත ජයක් අත්විය.

මෙම තරගයේදී  මහනුවර පිලේ සුපුන් වඩුගේ නොදැවී ලකුණු 123 ක් ලබා ගත්තේ පන්දු 143 කට මුහුණ දෙමිනි. සුපුන්ගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය.  


මහනුවර 1 වැනි කලාපය - ඕවර 50 කදී කඩුලු 5 ට 335 යි
(සුපුන් වඩුගේ නොදැවී 123, කුසල් විජේතුංග 18, රහල් අමරසිංහ 38, දිනූෂ පීරිස් 36, විභාවිත් ඇහැලේපොල 19, ජයවි ලියන‌ගම 18, ලක්වින් අබේසිංහ නොදැවී 60, එෆ්. එම්. ෆතා 60/2)

මඩකලපුව - ඕවර 15.4 කදි සියලු දෙනා දැවී 54 යි
(එෆ්. එම් අෆ්නික් 26, තෙනුක ඒකනායක 10/9)

- 213


අදහස් (0)

මහනුවර තෙනුක කඩුලු 10 න් 9 ක් දවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.