Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් තරගාවලිය මුල් තරග 5 අවසන් වන විට තරග 2 බැගින් ජයගෙන අපරාජිතව සිටින මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම සහ යාපනය කිංග්ස් කණ්ඩායම, තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමේ අරමුණින් යුතුව හෙට (10 වැනිදා) රාත්‍රී 7.30 ට මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත.
තරගාවලියේ මුල් තරග 5 හම්බන්තොට, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී කොළඹ ස්ටාර්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම් පරාජය කිරීමට මහනුවර කණ්ඩායමත්, දඹුල්ල අවුරා සහ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම් පරාජය කිරීමට යාපනය කණ්ඩායමත් සමත් විය.
ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම ලකුණු 4 බැගින් සම ලකුණු ලබා සිටියේය. එහෙත් සහභාගි වූ තරගවලදී 3.925 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටි මහනුවර කණ්ඩායමට ලකුණු සටහනේ පෙරමුණත්, 1.412 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටි යාපනය කණ්ඩායමට එහි දෙවැනි ස්ථානයත් හිමිවිය.
එබැවින් තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීම සඳහා මහනුවර කණ්ඩායමටත්, මහනුවර කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇද දමමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීම සඳහා යාපනය කණ්ඩායමටත් අද පැවැත්වෙන තරගය ඉතා වැදගත් තරගයක් බවට පත්ව තිබේ.
මේ අතර ආබාධ තත්ත්වයක් හේතුවෙන් යාපනය කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරග දෙකට සහභාගි නොවූ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංකගේ සේවය ඉදිරි තරගවලදී සිය කණ්ඩායමට ලබාගැනීමේ හැකියාව පවතින බව කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා පවසයි.
“ඩිල්ෂාන්ගේ අබාධ තත්ත්වය දැන් හුඟක් දුරට හොඳයි. පල්ලෙකැලේ තියෙන තරගවලදි අපිට එයාව යොදාගන්න පුළුවන්. බිනුර ප්‍රනාන්දුත් ආබාධ තත්ත්වයකින් පසුව තමයි කණ්ඩායමට ආවේ. ඒ නිසා ඔවුන් දෙන්නව නිවැරදි කලමණාකාරීත්වයකින් යුතුව තරගවලට යොදාගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.” යැයිද කණ්ඩම්බි මහතා පැවසීය.
තරගාවලියේ සමාරම්භක තරගයට සහභාගී වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් සහ ඉදිරිපෙළ පිතිකරු ටොම් කොලර් කැඩ්මෝද සුළු අබාධ තත්ත්වයන් හේතුවෙන් දෙවැනි තරගයේදී විවේක ගැන්වූ යාපනය කණ්ඩායම විදෙස් ක්‍රීඩකයන් තිදෙනෙක් පමණක් යොදාගනිමින් එම තරගයට ක්‍රීඩා කළේය.
“ගුර්බාස්ටයි, කැඩ්මෝටයි සුලු ආබාධ දෙකක් තමයි තිබුණෙ. තරගයක් ක්‍රීඩා නොකර ඉන්න තරම් ඒ ආබාධ බරපතල නෑ. ඒත් ඉදිරියෙදි තවත් වැදගත් තරග තිබෙන නිසා එයාලව එක ලඟ දින දෙකකදි ක්‍රීඩා කරවලා අවධානමක් ගන්න අපි කැමති වුණේ නෑ. ඒ නිසයි ඔවුන්ට විවේකයක් ලබාදුන්නෙ. පල්ලෙකැලේදී ඔවුන් යළිත් කණ්ඩායමට එක් වේවි.” යැයි ඒ සම්බන්ධයෙන් කණ්ඩම්බි මහතා කියා සිටියේය.
උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී අනතුරකට මුහුණදුන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න, සැත්කමකින් අනතුරුව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ඔහු ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී මහනුවර කණ්ඩායමේ කලමණාකරු ශ්‍යාම් ඉම්පෙත් මහතා කියා සිටියේ අනතුරට මුහුණදී පැය දෙක තුනක් ඇතුළත චාමිකව රෝහල්ගත කොට සැත්කමකට භාජනය කිරීමට කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගැනීම හේතුවෙන් ඔහුට සිදුවීමට තිබූ හානිය අවම කරගත හැකි වූ බවය.
එම තරගයේ සිවුවැනි ඕවරයේදී කාර්ලෝස් බ්‍රැත්වේට්ගේ පන්දුවකට උඩ පන්දුවක් රැකගැනීම සඳහා කවර් කළාපයේ සිට හතරේ සීමාව දෙසට (පසුපසට) දිවයෑමේදී චාමික මෙම අනතුරට මුහුණ දුන්නේය. එහිදී පන්දුව මුහුණ මත පතිත වීමෙන් ඔහුගේ දත් කිහිපයක් කැඩීගිය අතර දැඩි ලෙස රුධිරය වෑහෙන්නට විය.
අනතුර සිදුවූ වහාම ඔහුව රෝහල්ගත කළ අතර ශල්‍යකර්මයකටද භාජනය කෙරිණ. එහිදී ඔහුගේ යටි තොල්වලට සහ විදුරුමස්වලට හානිවී තිබූ බවටත්, පහළ දත් ඇන්දේ දත් හතරක් හතරක් කැඩී ගොස් ඇති බවටත් නිරීක්ෂණය විය. කෙසේ වුවත් ශල්‍යකර්මයෙන් අනතුරුව පූර්ණ සුවය ලබා සිටින චාමික මේ වන විට යළිත් කණ්ඩායම සමග එක්ව සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.