Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද රාජපක්ෂ විදුහලට ලකුණු 141 ක ජයක්

මහින්ද රාජපක්ෂ විදුහලට ලකුණු 141 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෝමගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල සහ කොළඹ ආරක්‍ෂක සේවා පාසල අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ‘නීලලෝහිත සංඝ්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ලකුණු 141 කින් ජයගැනීමට හෝමගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල අද (4 වැනිදා) සමත්විය.
 
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හෝමගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල නියමිත ඕවර 45 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 252 ක් රැස්කිරීමට සමත්විය. 
 
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ දුලාජ් පෙරේරා පන්දු 122 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 110 ක් රැස්කිරීමට සමත්වූ අතර සංදීප් විහාර පන්දු 83 කදී හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැස්කරමින් හෝමගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල් කණ්ඩායම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.
 
දුලාජ් පෙරේරා සහ සංදීප් විහාර දෙවැනි කඩුල්ල සදහා පන්දු 153 කදී ලකුණු 164 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
 
ජයග්‍රහණය සදහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ආරක්‍ෂක සේවා පාසල් කණ්ඩායමට ඕවර 45 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 111 ක් පමණි.
 
කෞෂල්‍ය විතානගේ ලකුණු 40 ක් රැස්කරමින් කොළඹ ආරක්‍ෂක සේවා පාසල් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
 
ඔමාවින් ඉන්දීප ලකුණු 08 කට කඩුලු 3 ක් සහ ලලන ලක්ෂිත ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගනිමින් මහින්ද රාජපක්ෂ ජාතික පාසල් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
මහින්ද රාජපක්ෂ ජා.පාසල - ඕවර 45 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 252
(දුලාජ් පෙරේරා 110, සංදීප් විහාර නොදැවී 76, ඔමාවින් ඉන්දීප 28)
ආරක්‍ෂක සේවා පාසල  - ඕවර 45 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 111
(කෞෂල්‍ය විතානගේ 40, අශේන් ගුරුසිංහ 26, ඔමාවින් ඉන්දීප 08/3, ලලන ලක්ෂිත 29/2)

අදහස් (0)

මහින්ද රාජපක්ෂ විදුහලට ලකුණු 141 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.