ගාල්ල මහින්ද විද්‍යාලය හා රිච්මන්ඞ් විද්‍යාලය අතර 111 වැනි ආදරවන්තයින්ගේ සටන පාසල් මහ ක‍්‍රිකට් තරගය මෙම සති අන්තයේදී (18-19) ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.
දිවයිනේ පැරණිතම පාසල් මහ ක‍්‍රිකට් තරගයක් වන මෙහි ආරම්භය 1905 දී සිදුව ඇත. මෙතෙක් පැවති තරගවලදී මහින්ද විද්‍යාලය හා රිච්මන්ඞ් විද්‍යාලය තරග 23 බැගින් ජයගෙන ඇත. මහින්ද විද්‍යාලය 2008 වසරේදී අවසන් වරට මහතරගය ජයගත් අතර රිච්මන්ඞ් විද්‍යාලය 2015 වසරේ අවසන් වරට මහතරගය ජයගෙන තිබේ.
මහින්ද විද්‍යාලයේ සිරිසේන හෙට්ටිගේ 1939 දී ලකුණු 155 ක් ලබා පිහිටවූ වාර්තාව 1972 දී නොදැවී ලකුණු 156 ක් ලබාගනිමින් රිච්මන්ඞ් විද්‍යාලයේ ප‍්‍රසාද් කාරියවසම් බිඳ දැමුවද එම තරගයේදීම ලකුණු 162 ක් ලබාගත් මහින්ද විද්‍යාලයේ පී.එච්. කේ.කේ. රණසිංහ පැය කිහිපයක් ඇතුළතදීම එම වාර්තාව යළි මහින්ද විද්‍යාලයට සතුකර දෙන්නට සමත් විය. එය අද දක්වාම නොබිඳී පවතින වාර්තාවකි.
මහින්ද විද්‍යාලයේ සෝමසිරි අඹවත්ත 1953 තරගයේදී රිච්මන්ඞ් පළමු ඉනීමේ කඩුළු 10 ම හා දෙවැනි ඉනිමේ කඩුළු 06 ක් බිඳ දැමීම පන්දු යැවීමේ හොඳම වාර්තාව වේ. ඔහු එම තරගයේදීම නොදැවී ලකුණු 103 ක් ලබාගැනීමටද සමත්විය.
මහින්ද විද්‍යාලයේ ඩබ්.වී. බෙනට් කඩුළු රකින්නා ලෙස කඩුළු 10 ම දවාගැනීමට හවුල්වීමත් අමේන්ද්‍ර සහෝදරයන් දහදෙනෙකුම මහින්ද විද්‍යාලය නියෝජනය කිරීමත් ලෝක වාර්තා ලෙස සැලකේ.
චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල්, රිච්මන්ඞ් විද්‍යාලයෙන්ද, සී. අයි. ගුණසේකර, ඞී. එල්. එස්. ද සිල්වා, අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, උපුල් චන්දන, ලසිත් මාලිංග සහ මාවන් අතපත්තු මහින්ද විද්‍යාලයෙන්ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූ ක‍්‍රීඩකයෝ වෙති.
සිව්වන වසරේ ක‍්‍රීඩකයකු වන පසිදු දිල්ෂාන් මෙවර මහින්ද විද්‍යාලයේ කණ්ඩායම මෙහෙයවන අතර 5 වන වසරේ ක‍්‍රීඩකයකු වන චරිත් අසලංක රිච්මන්ඞ් විද්‍යාලයේ කණ්ඩායම මෙහෙයවති.
රිච්මන්ඞ් නායක චරිත් අසලංක ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේද නායකයා වන අතර වමතින් පිත්ත හසුරුවන අසංලක ප‍්‍රවේගකාරී පිතිකරුවකු මෙන්ම දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකි. ශී‍්‍ර ලංකා 19 න් පහළ පිලේ තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන වනිඳු හසරංග පා දඟ පන්දු යවන්නෙකි.
ඉතාමත් දුර්ලභ ගණයේ කී‍්‍රඩකයකු වන කමිඳු මෙන්ඩිස්ට අත් දෙකින්ම පන්දු යැවිය හැකිය. දකුණතින් පිට දඟ පන්දු යවන්නකු වන කමිඳු මෙන්ඩිස්ට අවශ්‍ය වුවහොත් වමතින් පා දඟ පන්දු යැවීමේ හැකියාවද තිබේ.
රිච්මන්ඞ් විද්‍යාලය මෙම තරග වාරයේ අපරාජිතව සිටින අතර තරග 16 කට සහභාගිවී පූර්ණ ජයග‍්‍රහණ 07 ක් ලබාගෙන ඇත. සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත. අන්තර් පාසල් තරගාවලියේදී ‘සී’ කාණ්ඩයෙන් තරග කළ රිච්මඞ් විදුහල එහිදී තරග 4 ක් ජයගනිමින් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගතතේය.
මහින්ද විදුහල මෙම තරග වාරයේදී තරග 13 කට සහභාගි වී කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයට එරෙහිව පැවති තරගයෙන් පරාජයට පත්ව ඇත. සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.
මෙවර මහ තරගයේ සජීවී විස්තර විකාශයක් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය ඔස්සේ විකාශය කෙරේ.

මහින්ද විදුහල් කණ්ඩායම
පසිදු දිල්ෂාන් (නායක), ගිහාන් ධනුෂ්ක (උප නායක), රවීන්ද්‍ර මේනක, හංසික වැලිහිඳ, විනුර දුල්සර, සුරේෂ් කුමාර, අශේන් කණ්ඩම්බි, විෂිත සම්මාන, විනුෂ මුණසිංහ, ප‍්‍රමිත හංසක, ඕෂිත මාලක, පසන් පෙතන්ගොඩ, කවිඳු මහිංස, මිථිෂ ඒකනායක, නවෝද පරණවිතාන, ෂෙහාන් දිල්රුක්, අමල් ලියනගේ, ගාමිණි ජයවර්ධන (විදුහල්පති), දනුෂ්ක දෙනගම (පුහුණුකරු)

රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම
චරිත් අසලංක (නායක), වනිඳු හසරංග (උපනායක), පසිදු බිම්සර, කමිදු මෙන්ඩිස්, චාමිකර හේවගේ, අවිඳු තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, කවිදු එදිරිවීර, කවීෂ අභිෂේක්, රවිශ්ක විජේසිරි, හේෂාන් උමේන්ද්‍ර, ටිලංග උබේෂණ, කේ.කේ. කෙවින්, තිසර දිවාන්, ආදිත්‍ය සිරිවර්ධන, දුවින් කලංසූරිය, සම්පත් වේරගොඩ (විදුහල්පති), ධම්මික සුදර්ශන (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.