Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

මහින්ද ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ ගාල්ල මහින්ද විදුහල් ‘බී’ කණ්ඩායම සහ හුංගම විජයබා ජාතික පාසල අතර බලපිටියේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල් ‘බී’ කණ්ඩායම සමත්විය.

මහින්ද විදුහල් ‘බී’ කණ්ඩායමේ ශොනාල් කෂ්මිර ලකුණු 54 ක් රැස්කරමින් සහ ලකුණු 30 කට කඩුලූ 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීමට සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල් ‘බී’ කණ්ඩායම, කඩුලූ 4 ක් දැවී ලකුණු 227 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවා විජයබා ජාතික පාසලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

මහින්ද විදුහල් ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම  ඕවර 62 කදී කඩුලූ 4 ක් දැවී 227
(සතිර හේලිත 56, ශොනාල් කෂ්මිර 54, භෝජිත උමගිලිය 39, හරේන් සිරිසේන 31)

විජයබා ජාතික පාසල - පළමු ඉනිම  ඕවර 37 කදී සියලූ දෙනා දැවී 112
(තිමේෂ සංඛේෂ් 25, ශොනාල් කෂ්මිර 30/5, ජයවි යහතුගොඩ 18/2, අචිර හසිඳු 26/2)

036


අදහස් (0)

මහින්ද ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.