අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ ගාල්ල මහින්ද විදුහල සහ බෙන්තොට ගාමිණී මධ්‍ය මහ විදුහල අතර බලපිටියේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත්විය.
එහිදී පන්දු 94 කින් ලකුණු 111 ක් රැස්කිරීමට නවෝද් පරණවිතාන සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ චේතිය ගුණසේකර ලකුණු 16 කට කඩුලූ 5 ක් දවාගනිමින් ගාමිණී විදුහලේ පළමු ඉනිම ලකුණු 67 කට සීමා කිරීමට පුරෝගාමී විය.
මහින්ද විදුහල - පළමු ඉනිම ඕවර 55 කදී කඩුලූ 5 ක් දැවී 202
(නවෝද් පරණවිතාන නොදැවී 111, සුභානු රාජපක්ෂ 33, කෞෂිත සංකේෂ් 24, සංදීප මයිකල් 31/2)
ගාමිණී මධ්‍ය මහ විදුහල - පළමු ඉනිම ඕවර 32 කදී සියලූ දෙනා දැවී 67
(අශේන් බවන්ත 23, චේතිය ගුණසේකර 16/5, ගීත් විදුර 8/2, නවෝද් පරණවිතාන 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.