Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද විදුහල මුල් ඉනිම ජයගනී

මහින්ද විදුහල මුල් ඉනිම ජයගනී

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර බලපිටියේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මහින්ද විදුහල සමත් විය. 

එහිදී මහින්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට දිනුර කළුපහණ (50) සමත් වූ අතර එම විදුහලේම තරුෂ දිල්ෂාන් ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගත්තේය. 

 

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 37.5 කදී කඩුලු 9 ක් දැවී 179 
(දිනුර කළුපහණ 50, තනූජ් දේදුනු 31, කවීන් රුක්ෂාන් 21, තිමෝති තරිඳු 19, තරුෂ දිල්ෂාන් 12, එස්. අෂාන්ත් 43/5) 

ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 62 
(එස්. සචින් 21, තරුෂ දිල්ෂාන් 13/5, තිමෝති තරිඳු 8/2, තුසිත දහම් 10/2) 

මහින්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලු 6 ක් දැවී 98 
(තරුෂ දිල්ෂාන් 47, දිනුර කළුපහණ 18, කේ. ලක්ෂාන්ත 23/4) 

-036 


අදහස් (0)

මහින්ද විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.