Last Update  :  2026-02-09 21:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහ ක්‍රිකට් තරග 6 කට ඩයලොග් අනුග්‍රහය

මහ ක්‍රිකට් තරග 6 කට ඩයලොග් අනුග්‍රහය

editorial - 2026 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙවර මහ ක්‍රිකට් තරග වාරයේදී පැවැත්වෙන මහ ක්‍රිකට් තරග 6 කට ප්‍රධාන අනුග්‍රහය ලබාදීමට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත්ව සිටියි. නිල්මහ සටන, ශාන්තුවරුන්ගේ සටන, උතුරු රන් සටන, කන්ද උඩරට සුලෝහිත සටන, රන් සටන සහ ඇතුගල්පුර සටන එම මහ ක්‍රිකට් තරග අතරට ඇතුළත් වේ. 

මෙම වසරේදී කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර 147 වැනි වරට පැවැත්වෙන නිල්මහ සටන මාර්තු මස 13 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට සමගාමීව පැවැත්වෙන එක්දින තරගය මාර්තු මස 28 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. 

මරදාන ශාන්ත ජෝෂප් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් අතර පැවැත්වෙන ශාන්තුවරුන්ගේ සටන මාර්තු මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවිදුහල් අතර 52 වැනි එක්දින තරගය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

යාපනය ශාන්ත පැටි්‍රක් විදුහල සහ යාපනය විදුහල අතර 119 වැනි උතුරු රන් සටන මහ ක්‍රිකට් තරගය මාර්තු මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා යාපනය වඩුක්කොඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එක්දින තරගය මාර්තු 21 වැනිදා පැවැත්වෙන්නේද එම ක්‍රීඩාංගණයේදීමය. 

මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර කින්ස්වුඩ් විදුහල් අතර 119 වැනි වරට පැවැත්වෙන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය මාර්තු මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා මහනුවර, අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඊට සමගාමීව පැවැත්වන එක්දින තරගය එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන්නේ මාර්තු මස 28 වැනිදාය. 

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු විද්‍යාලය අතර 74 වැනි වරට පැවැත්වෙන රන් සටන මහ ක්‍රිකට් තරගය මාර්තු මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වාද, දෙවිදුහල් අතර එක්දින තරගය අප්‍රේල් මස 5 වැනිදාද මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

කුරුණෑගල මලියදේව විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල් අතර පැවැත්වෙන 42 වැනි ඇතුගල්පුර සටන මාර්තු මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම ක්‍රීඩාංගණයේදීම එහි එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු මස 29 වැනිදාය. 

 


අදහස් (0)

මහ ක්‍රිකට් තරග 6 කට ඩයලොග් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.