Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මලියදේව ආදර්ශ විදුහල අවසන් පූර්ව වටයට

මලියදේව ආදර්ශ විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2022 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිසත් අධිකාරි පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ දස්කම් නිසා වයස 13 න් පහළ II වැනි ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මලියදේව ආදර්ශ විද්‍යාලය සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයේදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිමේදී පරාජය කරමින් මලියදේව ආදර්ශ විද්‍යාලය අවසන් පූර්ව වටයට පැමිණියේය.  

මලියදේව ආදර්ශ විද්‍යාලය වෙනුවෙන් ලකුණු 35 ක් ලබාගත් තිසත් අධිකාරී, පන්දු යවමින් ලකුණු 26 කට කඩුලු 4 ක් ද දවාගත්තේය. 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයීය පිටියේදී පැවැත්විණ. මෙම තරගාවලියේදී සෑම කණ්ඩායමකම පළමු ඉනිම ඕවර 50 කට සීමා කර ඇතත් එය සීමිත ඕවර පදනමකින් පැවැත්වෙන්නක් නොවේ. 

මලියදේව ආදර්ශ විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 6 ට 123 
(තිසත් අධිකාරි 35, ජනිරු හෙට්ටිආරච්චි 32, ඉමෙත් පතිරණ 31, කුලිත වින්සිත 11/2, ඉමෙත් සංජිත 46/2)

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 121 
(සනෙල් දින්සර 46, මිනුක දින්සර 16, යෂේන් රෝචන 16, තිසත් අධිකාරී 26/4)

-213


අදහස් (0)

මලියදේව ආදර්ශ විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.