Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව මධ්‍ය විදුහල් වාර්ෂික මහ ක්‍රිකට් තරගය 8-9

මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව මධ්‍ය විදුහල් වාර්ෂික මහ ක්‍රිකට් තරගය 8-9

editorial - 2024 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල විශේෂ - සම්පත් සෙනවිරත්න සහ කුරුණෑගල පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විදුහල සහ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය අතර 12 වන වරටත් පවත්වන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය මේ මස 8 සහ 9 දිනවල කුරුණෑගල වෙලගෙදර ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙයි. විදුහල් දෙක අතර වාර්ෂික එක්දින තරගය 10 වැනිදා වෙලගෙදර ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. 

මෙවර කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිපුන් මෙන්ඩිස්ට හිමි වී තිබේ. සිතිජ විජේරත්න විසින් ඉබ්බාගමුව මැදි විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. ඉඳුවර රත්නායක මලියදේව ආදර්ශ කණ්ඩායමේත් පසිඳු පලිපාන ඉබ්බාගමුව මධ්‍ය විදුහල් කණ්ඩායමේත් උප නායකයෝ ලෙස කටයුතු කරති.

සුජිත් දිසානායක මහතා මලියදේව ආදර්ශ මහ විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසකටයුතු කරන අතර යසිරු ජයරත්න මහතා ඉබ්බාගමුව මධ්‍ය විදුහල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

රජිත් නවෝද්‍ය මේ වනවිට මලියදේව ආදර්ශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන අතර වැඩිම කඩුළු ලාභියා වන්නේ සයුරු ජයතිලකය. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස පසිඳු පලිපාන ඉදිරියෙන් සිටින අතර වැඩිම කඩුළු ලාභියා වන්නේ යසිරු ආටිගල ය.  

විදුහල් දෙක අතර මීට පෙර පැවති මහ ක්‍රිකට් තරඟ 11 ම ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ. එක්දින තරඟාවලි 11 න් 10 ක්ම ජයගෙන ඇත්තේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයයි. පසුගිය වසරේ එක්දින තරඟය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජය ගැනීමට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම සමත් විය. 

කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සහ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මෙවර මහ ක්‍රිකට් තරගය මෙන්ම එක්දින තරගය සඳහාත් මුල්‍ය අනුග්‍රාහකත්වය දක්වති. 

 


ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම
ඉදිරිපෙල වමේ සිට ඃ 
යසිරු ගුණවර්ධන (ප්‍රධාන පුහුණුකරු) , සමන්ත ගුරුගේ (19 න් පහල ක්‍රිකට් භාර ආචාර්ය) , මොනිකා ගුණවර්ධන (සහකාර විදුහල්පතිනිී), පසිඳු පලිපාන (උප නායක), නිරංජලා කොළඹගේ (විදුහල්පතිනි), සිතිජ විජේරත්න (නායක), සුරංග රණතුංග (ක්‍රිකට් භාර ආචාර්ය), දුමින්ද ගලකුඹුර (ක්‍රීඩා පරිපාලක) සහ දිලංක ප්‍රේමරත්න (සහාය පුහුණුකරු)
පසුපෙල වමේ සිට ඃ
හසිත සංදීප, පසන් සන්දනායක, කසුන් ඕදිත, දිලංක මානෙත්, ධනංජය එරංග, සත්රුක් මෙත්මිණ, යසිරු ආටිගල, දිල්ෂාන් භාෂිත, කවීශ මධුෂාන්, මලිත් නෙත්සිරි, එරෝෂ් පුලස්ති, දිනෙත් මලීෂ, ආකාශ් ඉඳුරංග සහ සඳරු සිතුමිණ 


මලියදේව ආදර්ශ මහ විදුහල් ක්‍රිකට් කණ්ඩායම
ඉදිරිපෙල වමේ සිට ඃ
ප්‍රබුධිත කුමාරසිරි, නිපුන් මෙන්ඩිස් (නායක), සුජිත් දිසානායක (පුහුණුකරු), දිනේශ් උදිත බණ්ඩාර (විදුහල්පති), වසන්ත කුමාර (ක්‍රිකට් භාර ආචාර්ය), ඉඳුවර රත්නායක (උප නායක) සහ මෙතුල් ලක්සර 
පසුපල වමේ සිට ඃ 
විහඟ විමුක්ති, රජිත් නවෝද්‍ය, ඉසුරු අංජන, ඉශාන් ඛාන්, දිමුතු බණ්ඩාර, යශ්මිර හසරංග, නඳුන් බණ්ඩාර, බුෂිත් එරංග, ආශිංෂ ඉඳුවර, සයුරු ජයතිලක, සෙහඳු සුජයන, දිනූෂ අබේරත්න, තිනුග ඩයස්, රෝශක මධුෂාන්, යසිරු කාවින්ද  සහ සඳරු සත්සර 


අදහස් (0)

මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව මධ්‍ය විදුහල් වාර්ෂික මහ ක්‍රිකට් තරගය 8-9

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.