Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, මහනුවර සසෙක්ස් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 92ක විශිෂ්ට ජයක් ලැබීමට මහනුවර මහානාම විද්‍යාලය ඊයේ (29) සමත් විය. මෙම තරගය පේරාදෙණිය ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ මහානාම විද්‍යාලයේ මලිත හපුආරච්චි පළමු ඉනිමේදී නොදැවී ලකුණු 105 ක් සහ සසෙක්ස් විද්‍යාලයට එරෙහිව දෙවැනි ඉනිමේදී ලකුණු 11 කට කඩුලු 5ක් බිඳහෙළීය.
මහානාම විද්‍යාල පළමු ඉනිම - ඕවර 43.3 කදී කඩුලු 7කට ලකුණු 223
(මලිත හපුආරච්චි නොදැවී 105, උපේන්ද්‍ර රත්නායක 32, අබ්දුල්වා දිස්වාස් 48/3 )
සසෙක්ස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 33කදී සියුලු දෙනා දැවී ලකුණු 91
(අබ්දුල්වා දිස්වාස් 30, චතුරංග රත්නායක 15/3, සන්දීප වීරසේකර 17/3 )
සසෙක්ස් විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණු 40
(විහඟ ද සිල්වා 22, මලිත හපුආරච්චි 11/5, උපේන්ද්‍ර රත්නායක 13/4 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.