Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මනීෂ් පාණ්ඬේගේ ස්ථානයට කාර්තික්

මනීෂ් පාණ්ඬේගේ ස්ථානයට කාර්තික්

Nisanka Sandeepani - 2017 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන සදහා නම්කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතයෙන් ආබාධයකට ලක්වූ මනිෂ් පාන්ඬේ ඉවත්කර ඒ වෙනුවට දිනේෂ් කාර්තික් නම් කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. අයි.පී.එල්. තරගාවලියේ සන්රයිස් හද්‍රාබාද් පිලට එරෙහිව පැවැති ඉවත්වීමේ තරගයට පෙර පුහුණු සැසියේදී ඇලපතේ මස්පිඩුවක් ඇදීමෙන් මනිෂ් පාන්ඬේ ආබාධයට ලක්විය. 

තමිල්නාඩු ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඩිනේෂ් කාර්තික් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වශයෙන් කටයුතු කරන අතර 2014 වසරේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළේය. මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ගුජරාත් ලයන්ස් පිල නියෝජනය කළ ඩිනේෂ් කාර්තික් තරග 14 කදී ලකුණු 361 ක් රැස්කළ අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 36.10 කි. ඔහු පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 139.38 ක් ලෙස වාර්තාවිය. පළමු වටයේදී ගුජරාත් ලයන්ස් පිල දැක්වූ දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටයෙන් ඉවත් විමට සිදුවිය.

දේශීය ක්‍රිකට් තරගාවලියේදී ඉහළ දස්කම් පෙන්වූ ඩිනේෂ් කාර්තික්, විජේ හසාරී සහ ඩිඔධාර් කුසලනා අවසන් තරගවලදී ශතක රැස්කරමින් තරගයේ වීරයාට හිමි සම්මාන දිනාගැනීමට සමත්විය.

කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන සුරේෂ් රයිනා, රිෂාබ් පාන්ට්, කුල්දිප් යාදව් සහ ශාර්දුල් ඨාකූර් අතරින් 31 වැනි වියෙහි පසුවන ඩිනේෂ් කාර්තික්ට කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිවිය. රෝහිත් ශර්මා, ශීකර් ධාවන්, විරාට් කෝලී, මහේන්ද්‍ර සිං දෝනි සහ යුවරාජ් සිං පළමු පිතිකරුවන් පස්දෙනා අතරට එක්වනවිට කේදර් ජාදව් සමගින් තරගය අවසන් කිරීමට ඩිනේෂ් කාර්තික්ට සිදුවනු ඇත.

පාකිස්තානයට එරෙහිව ජූනි 4 වැනිදා පැවැත්වෙන පළමු තරගයට පෙර මැයි 28 සහ මැයි 30 වැනිදා නවසීලන්තය සහ බංග්ලාදේශයට එරෙහිව පුහුණු තරග දෙකකට සහභාගීවිමට නියමිතව ඇත. ඉන්දියාව ජූනි 8 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිවද ජූනි 11 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවද තරග වැදීමට නියමිතය. 

ඉන්දීය සංචිතයඃ
විරාත් කෝලී (නායක), ශීකර් ධාවන්, රෝහිත් ශර්මා, අජින්ක්‍ය රහනේ,  මහේන්ද්‍ර සිං දෝනි, යුවරාජ් සිං, කේදර් ජාදව්, හර්දික් පාන්ඩ්‍යා, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජඬේජා, මොහොමඞ් සාමී, උමේෂ් යාදව්, බුවනේශ්වර් කුමාර්, ජස්ප්‍රීත් බුම්රා සහ දිනේෂ් කාර්තික්.


අදහස් (0)

මනීෂ් පාණ්ඬේගේ ස්ථානයට කාර්තික්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.