Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ වේග පන්දු යවන්නකු වන දිල්ෂාන් මධුශංකගේ කලව මස්පිඬුව ඉරී ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් පසුගිය සිකුරාදා (16 වැනිදා) ආරම්භ වූ අතර පුහුණුවීම් අතරතුරදී ඔහු මෙම කලව මස්පිඬුව ඉරීයාමේ ආබාධයට ලක්වී තිබේ.
“පුහුණුවීම් සැසියේදී ඔහුගේ කලව මස්පිඬුවේ වේදනාවක් මතුවුණා. කොහොම වුණත් අවසාන තීරණයක් ගන්න ඉස්සරවෙලා අපි එම්.ආර්.අයි. වාර්තාවක් ගන්න ඕනෑ.. ඊට පස්සේ තමයි තීරණයක් ගන්නේ” යයි ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රකාශකයෙක් පැවසීය
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සංචාරය වූ පසුගිය කොදෙව් සංචාරයේදීත් ඩිල්ෂාන් මධුශංක ටෙස්ට් සංචිතයට එක්වූවද එහිදීත් ටෙස්ට් තරගයක ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි විය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය හෙට (21 වැනිදා) ආරම්භ වෙයි. දෙවන හා අවසාන ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙම තරඟ දෙකම පල්ලකලේහි පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.