මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ හෙයියන්තුඩුව සංඝමිත්තා මහ විද්‍යාලය අතර වේයන්ගොඩදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 440 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට නඳුන් කල්හාර (143) සමත් වූ අතර දසුන් අචිර (74) සහ තත්සර නවාංජන (65) අර්ධ ශතක ලබාගත්හ. චානක සමීර ලකුණු 31 කට කඩුලු 9 ක් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිතර විය.
සංඝමිත්තා මහ විද්‍යාලය පළමු ඉනිම - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 15
(චානක සමීර 8/4, චානක ජනිත් 1/4)
නාලන්දා මැදි විදුහල පළමු ඉනිම -ඕවර 57.5 කදී සියලු දෙනා දැවී 503
(නඳුන් කල්හාර 143, දසුන් අචිර 74, තත්සර නවාංජන 65, අවිෂ්ක නිර්මාල් 134/4, ෂෙහාන් ප්‍රියන්ත 91/4)
සංඝමිත්තා මහ විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 14.1 කදී සියලු දෙනා දැවී 48
(රවිඳු නිෂසිත 17, ගිහාන් ධනංජය 16, චානක සමීර 23/5, මහිඳු මලිත් 11/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.