
(රොෂාන් ගුණරත්න)
රවී බොපාරාගේ (නොදැවී 34) පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරගය කඩුලූ 5 කින් ජයගැනීමට කැන්ඩි වොර්යර්ස් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය කැන්ඩි වොර්යර්ස් පිල ඕවර 18.4 කදී කඩුලූ 5 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
රවී බොපාරා පන්දු 39 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් සහ ටොම් මූර්ස් පන්දු 21 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 28 ක් රැුස්කරමන් කැන්ඩි වොරියර්ස් පිල ජයග‍්‍රහණය කරා රැුගෙන ගියහ. ටොම් මූර්ස් සහ රවී බොපාරා එක්ව 5 වැන් කඩුල්ල සඳහා පන්දු 38 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
ආරම්භක පිතිකරු චරිත් අසලංක පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් ලබාගනිමින් ජයග‍්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමාදුන්නේය.
සමිත් පතෙල් කඩුලූ 2 ක් දවාගන්නා විට මොහොමඩ් අමීර්, ධනංජය ලක්ෂාන් සහ නුවන් තුෂාර අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි.
ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් ලබාගත් අතර මැදපෙළ පිතිකරු සමිත් පතෙල් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 36ක් ලබාගැනීමට සමත්විය.
කමිඳු මෙන්ඩිස් ලකුණු 25 කට කඩුලු 3 ක්, නිමේෂ් විමුක්ති ලකුණු 17 කට කඩුලූ 2 ක් සහ ශිරාස් අහ්මඞ් ලකුණු 23 කට කඩුලූ 2 ක් දවාගනිමින් ගෝල් ගැල්ඩියේටර්ස් පිල අඩපණ කිරීමට සමත්වූහ.
තරගයේ දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය රවී බොපාරාට හිමිවිය.
ගෝල් ග්ලැඩියේටර්ස් - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 127
(කුසල් මෙන්ඩිස් 44, සමිත් පතෙල් නොදැවී 36, කමි`දු මෙන්ඩිස් 25/3, නිමේෂ් විමුක්ති 17/2, ශිරාස් අහ්මඞ් 23/2)
කැන්ඩි වොර්යර්ස් - ඕවර 18.4 කදී කඩුලූ 5 ක් දැවී 131
(චරිත් අසංලක 21, රවී බොපාරා නොදැවී 34 , ටොම් මූර්ස් 28, සමිත් පතෙල් 20/2)









ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.