Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාස දෙකහමාරකට ආසන්න කාලයක් පුරා පැවැති මෙවර (2025) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී හෙට (3 වැනිදා) රාත්‍රී 7.30 සිට පැවැත්වේ.
පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසි අතර පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමිනි.
බෙංගලූරු කණ්ඩායම අයි.පී.එල්. අවසන් මහ තරගයකට ක්‍රීඩා කරන සිවුවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2009, 2011 සහ 2016 යන වසරවලදීද ඔවුන් අවසන් මහ තරගවලට ක්‍රීඩා කර තිබේ. පන්ජාබ් කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි අවසන් මහ තරගය මෙය වන අතර මින් පෙර ඔවුන් 2014 වසරේදී අවසන් මහ තරගයකට සහභාගි වී තිබේ.
ඒ අනුව බෙංගලූරු කණ්ඩායම අයි.පී.එල්. අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා සිටින්නේ වසර 9 කට පසුව වන අතර පන්ජාබ් කණ්ඩායම ඊට සුදුසුකම් ලබා සිටින්නේ වසර 11 කට පසුවය. කෙසේ වුවත් මෙම කණ්ඩායම් දෙකම තවමත් අයි.පී.එල්. ශූරතාව දිනාගැනීමට සමත්ව නොමැත. එබැවින් මෙම තරගය දෙපිලටම ඉතා තීර්ණාත්මක තරගයක බවට පත්ව තිබේ.
මෙවර තරගාවලියේදී රජිත් පටීදාර් විසින් බෙංගලූරු කණ්ඩායමද, ශ්‍රෙයාස් අයියර් විසින් පන්ජාබ් කණ්ඩායමද මෙහෙයවනු ලබති. විරාට් කෝලි, පිලිප් සෝල්ට්, ජොෂ් හෙසල්වුඩ්, කෘනාල් පාණ්ඩ්‍යා සහ බුවනේෂ්වර් කුමාර් බෙංගලූරු කණ්ඩායමේද, ජොෂ් ඉන්ග්ලිෂ්, මාකස් ස්ටොයිනිස්, අස්මතුල්ලා ඔමර්සායි, යුස්වේන්ද්‍ර චාහල් සහ අර්ෂ්දීප් සිං පන්ජාබ් කණ්ඩායමේද ප්‍රධානතම ක්‍රීඩකයෝ වෙති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.