Last Update  :  2025-06-01 22:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැංගලෝර් පිල අවසන් තරගයට
අයි.පී.එල්. - 2025

බැංගලෝර් පිල අවසන් තරගයට

editorial - 2025 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ්‍රලියානු ජාතික ජොෂ් හේසල්වුඩ් (21/3) කළ විශිෂ්ට පන්දු යැවීම නිසා පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද (බ්‍රහස්පතින්දා) පැවැති පළමු වැනි සුදුසුකම් තේරීමේ තරගයේදී කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලබාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කර ගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 101 කට දැවී ගියේය. බැංගලෝර් පිතිකරුවෝ ඕවර 10ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරා ගත්හ. නව චන්දිගාර් නුවර මුලන්පූර් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණ. 

කෙසේ වෙතත් පන්ජාබ් ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු තවමත් අවසන් වී නැත. හෙට (30 වැනිදා) මුම්බායි ඉන්දියන්ස් පිල සහ ගුජරාාට් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයන් සමගින් ලබන 1 වැනිදා තරග වදින පන්ජාබ් පිලට එම තරගය ජයගත හැකි වුවහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත හැකිවනු ඇත. 

පිල් සෝල්ට්ගේ ප්‍රහාරාත්මක ඉනිම නිසා සිව්වැනි වතාවටත් බැංගලෝර් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. එහෙත් කලින් මුහුණ දුන් අවසන් තරග තුනම පරාජය වී සිටින බැවින් බැංගලෝර් ක්‍රීඩකයෝ සිය පළමු අයි.පී.එල්. ශූරතාව සොයමින් සිටිති. 

නවසීලන්ත වේග පන්දු යවන්නා වන කයිල් ජැමිසන්ගේ පන්දුවක් හමුවේ පන්දු 12 කින් ලකුණු 12 ක් ලබා සිටි විරාට් කෝලි දැවී ගියේය. මායන්ක් අගර්වාල් ද ලකුණු 19 කට දැවී ගිය නමුත් පිල් සෝල්ට් නොපැකිළවම ඉදරියට යමින් ලකුණු 54 ක් ලබා ගත්තේය. නායක රජත් පටිදාර් ලකුණු 15 ක් ලබා ගත්තේ තරගය ජයගත් හයේ පහරද එල්ල කරමිනි. 

කාසියේ වාසිය දිනාාගත් බැංගලෝර් පිල පළමුව පන්දු යැවීමට තෝරා ගත් අතර බුවනේෂ්වර් කුමාර් සහ යශ් දයාල් වේලාසනින්ම කඩුලු දෙකක් දවාගත්හ. එහෙත් ජොෂ් හේසල්වුඩ් විසින් දවාගන්නා ලද කඩුලු බරින් වැඩි විය. 

පිතිකරුවන් එකා පසුපස එකා දැවී යන්නට වූ අතර ඕවර 6.3 ක් නිමාවන විට පන්ජාබ් පිතිකරු ලයිස්තුවේ හරි අඩක්ම ආපසු ක්‍රීඩාගාරයට ගොස් තිබිණ. පා දඟ පන්දු යවන සුයාශ් ෂර්මා එක ඕවරයකදී කඩුලු දෙකක් දවාගත් අතර ඔහු විසින් තුන්වැනි කඩුල්ලත් දවාගැනීම හේතුවෙන් පන්ජාබයේ ඝෝෂාව නතර විය. 
ලකුණු 102 ක ඉලක්කයක් යනු බැංගලෝර් පිලට කජ්ජක් නොවේ. ඔව්හු ඕවර 10 ක් ඉතිරිව තිබියදීම තරගය අවසන් කළහ. 

සුයාෂ් තරගයේ වීරයා ලෙස නම් කරන ලදී.

පන්ජාබ් කිංග්ස් - ඕවර 14.1 කදී සියලු දෙනා දැවී 101 යි
(ප්‍රාබ්සිම්රන් සිං 18, මාකස් ස්ටොයිනිස් 26, අස්මතුල්ලා ඔමර්සායි 18, යාශ් දයාල් 26/2, ජොෂ් හේසල්වුඩ් 21/3, සුයාෂ් ෂර්මා 17/3)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 10 කදී කඩුලු 2 ට 106 යි
(පිල් සෝල්ට් නොදැවී 56, විරාට් කෝලි 12, මයන්ක් අගර්වාල් 19, රජාත් පතිදාර් නොදැවී 15)

- 213


අදහස් (0)

බැංගලෝර් පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.