Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ මහ විදුහල් කණ්ඩායම විසින් වයස අවුරුදු 19 පහළ පාසැල් බාලිකා ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා ලදි. නුගේගොඩ අනුලා බාලිකා විදුහල් කණ්ඩායම එහි අනුශුරතාව හිමිකරගත්තේය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී රත්ගම දේවපතිරාජ කී‍්‍රඩිකාවන් විසින් අනුලා විදුහල් කණ්ඩායම කඩුලූ 7 කින් පරාජය කරන ලදි. නුගේගොඩ අනුලා විදුහල් කණ්ඩායම පසුගිය වසරේ ශූරතාව දිනාගත් නමුත් මේ වසරේදී අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට ඔවුනට සිදුවිය.
තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස නුගේගොඩ අනුලා බාලිකා විදුහලේ හර්ෂිකා මාධවී දිසානායක කුසලානය හිමිකරගත්තාය. අවසන් තරගයේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස දේවපතිරාජ විදුහලේ කාවින්දි පාරමී මහින්සලා කුසලානය හිමිකරගත්තාය.
නුගේගොඩ අනුලා විදුහල - ඕවර 30 කදි සියලූදෙනා දැවී ලකුණු 99 යි.
(අමාෂ දිල්ෂානි 38, චමෝදි හංසිකා 11, ටෙලීෂියා චතුරංගි 16/3, ශිකරී ද සිල්වා 17/2, සත්‍යා සංදීපනී2/19, සුලීෂා සත්සර 23/2)
රත්ගම දේවපතිරාජ විදුහල - ඕවර 16.5 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 103 යි.
(කාවින්දි පාරමී නොදැවී 53, නිලක්ෂනා සදමිණි 16,ඉරේෂා චතුරාණි 15,හෂිනි ගුණවර්ධන 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.