
නායක බාබර් අසාම්ගේ අපරාජිත අර්ධ ශතකය නිසා බංග්ලාදේශයේ ඩකා නුවරදී අද (සෙනසුරාදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ මුල් දිනය නිමාව වන විට සංචාරක පාකිස්තානු කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 161 ක් ලබා ගත්තේය. ඒ වන විට පන්දු 99 කට මුහුණ දී සිටි පාකිස්තානු නායකයා හතරේ පහර 7 ක් සහ හයේ පහරක් ද සමගින් නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය.
අසාර් අලී (නොදැවී 36) පිටියේ රැුඳී සිටි අනෙක් පාකිස්තානු පිතිකරුවා විය. අසාර් අලී සහ නායකයා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 91 කි.
තරගය උදෑසන ආරම්භ වූවත් වර්ෂාව නිසා තේ පානයෙන් පසුව ආරම්භ කළ නොහැකි විය.
බාබර් අසාම් අද ලබාගත්තේ ඔහුගේ 19 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. කෙසේ වෙතත් තුන්වැනි විනිසරුවරයාගේ සැකයේ වාසිය පිතිකරුවාට හිමි නොවූයේ නම්, තයිජුල් ඉස්ලාම්ට බාබර් අසාම්ගේ කඩුල්ලත් දවාගත හැකිව තිබිණ.
තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකින් බාබර් අසාම් කඩුලූ රකින්නාට උඩපන්දුවක් දුන්නේ යයි කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. බංග්ලාදේශ පන්දු රකින්නන් එය තුන්වැනි විනිසුරුවරයා වෙත යොමු කළ නමුත් රූපවාහිනී දර්ශන අස්ථාවර වූයෙන් සැකයේ වාසිය පිතිකරුවාට ලැබිණ.
පාකිස්තානය - පළමු ඉනිම කඩුලූ 2 ට 161 යි
(අබීඩ් අලී 39, අබ්දුල්ලා ශෆීක් 25, අසාර් අලී නොදැවී 36, බාබර් අසාම් නොදැවී 60, තයිජුල් ඉස්ලාම් 49/2)



- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.