Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බාටා සන්ඩේ ටයිම්ස් කි‍්‍රකට් සම්මාන රාති‍්‍රය අද

බාටා සන්ඩේ ටයිම්ස් කි‍්‍රකට් සම්මාන රාති‍්‍රය අද

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2014) සම්මාන ප‍්‍රදානෝත්සවය අද (18 වැනිදා) රාති‍්‍රයේදී කොළඹ මියුසියස් විදුහල් සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම උත්සව අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති, හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක සනත් ජයසූරිය මහතා සහභාගීවීමට නියමිතය.

මෙවර බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ සදීර සමරවික‍්‍රම තේරී සිටියි. එහි දෙවැනි ස්ථානය මොරටුව වේල්ස් කුමර විදුහලේ ශානුක දුලාජ්ටත්, තෙවැනි ස්ථානය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ රමේෂ් මෙන්ඩිස්ටත් හිමි වූහ.

මාතර ශාන්ත තෝමස් විදුහලේ ලසිත් ලක්ෂාන් කාණ්ඩ දෙකකම (නැගී එන පාසල් කාණ්ඩයේ දක්ෂතම පිතිකරු සහ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා) ශූරතා දිනාගනිමින් වසරේ නැගී එන කී‍්‍රඩකයා බවට පත්වී සිටියි.

පාඨකයන්ගේ ඡුන්දයෙන් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා බවට පත්ව සිටින්නේ කොළඹ රාජකීය විදුහලේ රන්දේව් පතිරණයි.

ජයන්ත සෙනෙවිරත්න, කාල්ටන් බර්නාඞ්ස්,  ඕබි‍්‍ර කුරුප්පු, උපුල් සුමතිපාල, සිරෝෂ ගුණතිලක, නිහාල් ප‍්‍රනාන්දු, කපිල ජයලත්, ඩිල්ෂාන් ද සිල්වා, සුසිල් චන්ද්‍රසිරි, ප‍්‍රසන්න රංගනාත්, සමන්ත සොවිස්, ප‍්‍රසාද් අමරසිංහ, යූ. ජී. සමන්, යූ. අයි. එල්. ඞී. වෑවගේ, විදුර ප‍්‍රසාද්, කීර්ති ගුණරත්න, ජේ. ඒ. කේ. එස්. ඉන්ද්‍රජිත්, නිශාන්ත කුමාර යන මහත්වරු මෙවර තරගාවලියේ ජයග‍්‍රාහකයන් තෝරා ගැනුන තීරක කමිටුව නියෝජනය කළහ.

036


අදහස් (0)

බාටා සන්ඩේ ටයිම්ස් කි‍්‍රකට් සම්මාන රාති‍්‍රය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.