බ්‍රැඩ්මන් වෙනුවෙන් ගූගල් සිත්තමක්
සිත්තමක් නිර්මාණය කරමින් ගූගල් සමාගම ක්‍රිකට් ඉතිහාසයේ අග්‍රගණ්‍ය පිතිකරුවා ලෙස හඳුන්වන ශ්‍රීමත් ඩොනල්ඞ් බ්රැඞ්මන්ගේ 110 වැනි ඡන්ම දිනය සැමරීය.
ලෝකයේ විශේෂ සිදුවීම්, පුද්ගලයන්, දින, උත්සව ආදී බොහෝ සිහිපත් කරමින් ගූගල් සමාගම ‘ගූගල් ඩූඞ්ල්’ නිර්මාණය කරන අතර අද (27) දිනයේ එක් ගූගල් ඩූඞ්ල් සිත්තමක් ශ්‍රීමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් වෙනුවෙන් වෙන් කිරීමට ගූගල් සමාගම පියවර ගත්තේය.
ගූගල් ඩූඞ්ල් යනු විශේෂ උත්සව, විශේෂ දින, විශේෂ පුද්ගලයන්, විශේෂ අවස්ථා ආදිය සිහිපත් කරමින් ගූගල් සමාගම නිර්මාණය කරන තාවකාලික ලාංඡනයකි.
ශ්‍රීමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් උපත ලැබුවේ 1908 වසරේ අගෝස්තු 27 වැනිදාය. ඔහු ග්‍රාමීය නිව් සවුත් වේල්ස්හි කූටාමුන්ඩ්රාහිදී උපත ලැබීය.
“ද දොන්/ඩොන්” නමින් හැඳින් වූ බ්රැඞ්මන් ටෙස්ට් තරග 52 දී, පිතිකරු සාමාන්‍යය 99.94ක් පවත්වා ගනිමින් ලකුණු 6,996ක් රැස් කිරීමට සමත්විය. වසර 21 කට විහිදුණු බ්රැඞ්මන්ගේ ටෙස්ට් දිවියේදී ශතක 29ක් තම නම ඉදිරියේ සටහන් කිරීමට බ්රැඞ්මන් සමත්විය.
බ්රැඞ්මන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේ ඔහුගේ දිවියේ අසාර්ථකම ටෙස්ට් ඉනිම වාර්තා කරමිනි. තම අවසන් ටෙස්ට් ඉනිමේදී ලකුණු හතරක් රැස් කළා නම් ඔහුගේ පිතිකරු සාමාන්‍යය 100ක් වන්නට ඉඩ තිබිණි. එහෙත් ඔහු එම තරගයේදී ලකුණු නොලබා දැවී ගියේය. ඔහුට මුහුණ දෙන්නට හැකිවූයේ පන්දු දෙකකට පමණි. ඔහු අවසන් තරගය ක්‍රීඩා කළේ ‘ද ඕවල්’ පිටියේය. ඒ 1948 වසරේදීය.
සියල්ල සලකා බැලීමේදී බ්රැඞ්මන් පළමු පෙළ ඉනිම 338 කදී ලකුණු 28,067ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ පිතිකරු සාමාන්‍යය 95.
රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට සහ දෙවැනි ලෝකය යුද්ධය සමයේදී හමුදාවට එක් නොවුණා නම් ශ්‍රීමත් ඩොනල්ඞ් බ්රැඞ්මන්ගේ පිතිකරණ වාර්තාව ‘මීටත් වඩා’ විශිෂ්ට වන්නට ඉඩ තිබිණි.
හර්ෂණ තුෂාර සිල්වා
ද හින්දු ඇසුරිනි