Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්‍රිතාන්‍ය තොරතුරු මත පාවාදීම අනාවරණය වෙයි

බ්‍රිතාන්‍ය තොරතුරු මත පාවාදීම අනාවරණය වෙයි

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී සිදුවූ අපකීර්තිමත් තරග පාවාදීම අනාවරණය කරගැනීම සදහා බි්‍රතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය උදව් කළ බව ලෝක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.


ලාහෝර්හිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ මත්ද්‍රව්‍ය නිවාරණ සහ ආරක්ෂණ ඒකකයේ ප්‍රධානී ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් මහතා පැවසුවේ ආරම්භක පිතිකරු සර්ජීල් ඛාන්ට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ අවසානයේ තීරණයක් ගන්නා බවයි. අපකීර්තිමත් තරග පාවාදීමකින් පසුව සර්ජිල් ඛාන් සහ මොහොමඞ් ඉර්ෆාන් පෙබරවාරී මාසයේ සිට තාවකාලික තරග තහනමකට ඔහු ලක්වී සිටිති. වේගපන්දු යවන මොහොමඞ් ඉර්ෆාන්ගේ මාස හයක තරග තහනම මාස හයකට අත්හිටුවා ඇති අතර දඟපන්දු යවන මොහොමඞ් නවාස්ගේ මාසයක තරග තහනම මාසයකට අත්හිටුවා තිබේ.


ආරම්භක පිතිකරු ඛාලීඞ් ලතීෆ්, ශාසයිබ් හසන් සහ නසීර් ජැම්ෂෙඞ්ට අනාගතයේදී මෙම තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිවී යන අතර වරදකරුවන් යැයි තීරණය වුවහොත් අවුරුදු පහේ සිට ජිවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වීමට ඉඩ තිබේ.


2010 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ මත්ද්‍රව්‍ය නිවාරණ සහ ආරක්ෂණ ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ෆ්ලැනගන් මහතා පවසා සිටියේ ‘මෙම පරීක්ෂණ කටයුතුවල මූලිකත්වය සම්පූර්ණ වශයෙන්ම පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් කරන ලද බවත් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට පෙරම බි්‍රතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය මෙම විස්තර ලබාදුන් බවත්ය.


ශර්ජීල් ඛාන් පන්දු දෙකකදී ලකුණු ලබානොගැනීමට කොපමණ මුදලක් ලබාගත්තේද යන්න පිළිබඳ වාර්තාවක් ලබාදීමට අපොහොසත්වී තිබේ.


ඉස්ලාමාබාද් යුනයිටඞ් පිලේ පුහුණුකරු සහ හිටපු ඕස්ටේ්‍රලියානු පිතිකරු ඩීන් ජෝන්ස්ද, හිටපු පාකිස්තානු නායක මොහොමඞ් යූසුෆ් සහ පාකිස්තානු ආරම්භක පිතිකරු සදීක් මොහොමඞ් සර්ජිල් ඛාන් වෙනුවෙන් සාක්‍ෂී දිමට ඉදිරිපත්වන බවද නීතිඥවරයා පවසා සිටියේය.


අදහස් (0)

බ්‍රිතාන්‍ය තොරතුරු මත පාවාදීම අනාවරණය වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.