Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සංකීර්ණයට කාමර 150 ක්

බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සංකීර්ණයට කාමර 150 ක්

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාවේ පැරණිතම ක‍්‍රීඩා සමාජයක් වන බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට අඩු පාඩුවක්ව පැවැති නව ක‍්‍රීඩාසංකීර්ණයේ සැළැස්ම හෙට (03) පෙරවරුවේ පැවැත්වෙන එම ක‍්‍රීඩා සමාජ වාර්ෂික මහ සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම ක‍්‍රීඩා සමාජයේ වත්මන් සභාපති හිරන්ත පෙරේරා මහතා මෙම සැළැස්ම සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය කාමර 150 කින් යුත් හෝටලයකින් ද සමන්විත වේ. බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයට අවශ්‍ය සියලූම පහසුකම් ක‍්‍රීඩාංගණය පැතිකඩින් ලැබෙන විට විවෘත පාර දෙසින් හෝටලය ඉදිකෙරේ.

සභාපති හිරන්ත පෙරේරා මහතා පැවසුවේ වසර 120 ක් පැරණි තම ක‍්‍රීඩා සමාජයට ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩාංගණයක් සහ ක‍්‍රීඩාසංකීර්ණයක් ලබා ගැනීමට කටයුතු කිරීමට ලැබීම පිළිබදව සතුටු වන බවයි.

”ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, නාගරික සංවර්ධන අධිකාරීයේ සභාපති නිමල් පෙරේරා සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපති උපාලි ධර්මදාස යන මහත්වරුගේ සහයෝගය ඇතිව අපට මේ සිහිනය සැබෑ කර ගැනීමේ අවස්ථාව ලැබුණා” යැයි පෙරේරා මහතා වැඩි දුරටත් පැවසීය.

 

- 048


අදහස් (0)

බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සංකීර්ණයට කාමර 150 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.