ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 116 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය අම්පාර උහන මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම වෙනුවෙන් විශාද් පෙරේරා (58) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර දෙහාන් ඉනුක ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
බස්නාහිර දකුණ - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 190
(විශාද් පෙරේරා 58, ගිනුර ප්‍රනාන්දු 30, විනුජ රංපුල් නොදැවී 29, එස්. සකීර්දන් 20/4, ඉශාන් කුමාර 58/3, මනුල ගෙත්මින 23/2)
නැගෙනහිර පළාත - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී ලකුණු 74
(එස්. සකීර්දන් 24, දෙහාන් ඉනුක 17/3, අශේන් ප්‍රනාන්දු 19/2, විහඟ මෙන්ඩිස් 1942, කවිඳු හේරත් 05/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.