වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහ විද්‍යාලය සහ හේනේගම මධ්‍ය මහ විද්‍යාලය අතර පළමුවැනි වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගය මේ මස 6 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ‘සියනෑ නිල් කොළ සටන’ ලෙසින් හැඳින්වේ
මෙම වසරේ වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසෙන් තරග වදින වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල එහි දෙවැනි වටයට ඒමට සමත් විය. හේනෙගම විද්‍යාලය ද මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ I වැනි කාණ්ඩයෙන් අර්ධ අවසන් පුර්ව වටයට ඒමට සමත්ව තිබේ.
තුන් ඉරියව් ක‍්‍රීඩක මලිදු මානාභරණ, වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කරන අතර කඩුලූ රකින ක‍්‍රීඩක ඉරුක චමල්, හේනෙගම විද්‍යායේ නායකයා ලෙස කටයුතු කරයි. වේයන්ගොඩ බණ්ඩාරනායක මහ විදුහල් කණ්ඩායමට ඇතුළත්ව සිටින තිළිණ ගුණසේකර, ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ වේගපන්දු යවන්නන්ගේ සංචිතයේ සිටින ක‍්‍රීඩකයෙකි.
හේනෙගම මධ්‍ය මහ විද්‍යාලයීය කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඩිලාන් සම්පත් කඩුලූ 56 ක් සහ ලකුණු 562 ක් ලබා තිබේ. ආරම්භක වේගපන්දු යවන්නා වන දමිත් ශාමල් මෙවර පාසල් තරගවාරයේදී කඩුලූ ත‍්‍රිත්වයක්ද සමගින් කඩුලූ 34 ක් ලබා සිටියි. දකුණතින් පා දග පන්දු යවන වරුණ විශ්වජිත් කඩුලූ 55 ක් ලබා සිටියි.
චමින්ද පෙරේරා මහතා, බණ්ඩාරනායක මධ්‍ය මහ විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද, ශාලින්ද දේශප‍්‍රිය මහතා, හේනෙගම විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරති.
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහ විද්‍යාලය
හේනේගම මධ්‍ය මහ විද්‍යාලය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.