Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඩකා නුවර ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (3 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද බංගලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. එහිදී මෙහෙදි හසන් සහ ශකීබ් අල් හසන් කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
දක්ෂ පිතිහරඹයක නිරත වූ නායක ටොම් ලේතම් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 65 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි විය. තරගය ජයගැනීමට සඳහා අවසන් ඕවරයේදී ලකුණු 20 ක් රැස්කළ යුතු වුවද, ලේතම්ට සහ කෝල් මැකොන්චිට (නොදැවී 15) එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 141 ක් රැස්කළේය. එහිදී මොහොමඩ් නයීම් (39) සහ ලිටන් දාස් (33) එක්ව පන්දු 57 කදී ලකුණු 59 ක සම්බන්ධාතාවක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 29 කට මුහුණදුන් ලිටන් දාස් හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 39 කදී වාර්තා වූ නයීම්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. නායක මහමදුල්ලා රියාද් පන්දු 32 කදී හතරේ පහර 5 ක් සමහ නොදැවී ලකුණු 37 ක් රැස්කරමින් බංග්ලදේශ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 6 කට 141
(මොහොමඩ් නයීම් 39, ලිටන් දාස් 33, මහමදුල්ලා රියාද් නොදැවී 37, රචින් රවින්ද්‍ර 22/4)
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 කට 137
(ටොම් ලේතම් නොදැවී 65, විල් යංග් 22, කෝල් මැකොන්චිට නොදැවී 15, මෙහෙදි හසන් 12/2, ශකීබ් අල් හසන් 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.