Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය යන්තම් ඉහළ නගී

බංග්ලාදේශය යන්තම් ඉහළ නගී

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැන්බරා නුවර මනුකා ඕවල් පිටියේදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම පරාජය කරමින් වාර්තා කළ ලකුණු 105 ක පහසු ජයක් සමගින් ලෝක කුසලාන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේදී ශී‍්‍ර ලංකා පිල පසුකරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළ නැගීමට බංග්ලාදේශය සමත් විය. ප‍්‍රසාද ලකුණු සටහන අනුව බංග්ලාදේශයට ප‍්‍රසාද ලකුණු 2 ක් හිමිව ඇති අතර ශී‍්‍ර ලංකා පිල තමන් සහභාගි වූ එකම තරගය පරාජය වීම නිසා තවමත් ප‍්‍රසාද ලකුණු නොමැතිව පසුවෙයි.

පසුගිය වසරේ (2104) ආරම්භයේ සිට බංග්ලාදේශ කණ්ඩායම එක්දින තරග 17 කට සහභාගි වූ නමුත් එම තරග 17 න් 12 ක්ම පරාජය විය. පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදීත් ඇෆ්ගනිස්ථානු පිල හමුවේ පරාජය වූ බංග්ලාදේශය ගෙවී ගිය මාස 14 ක කාලය තුළදී ජයගත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති එක්දින තරග 5 ක් පමණි.

අද පැවැති තරගයේදී ඇෆ්ගනිස්ථානය පරාජය කිරීමෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායම කී‍්‍රඩාංගණය වටා යමින් නරඹන්නන්ට ආචාර කිරීමටද පසුබට නොවීය.


ප‍්‍රසාද ලකුණු පුවරුව

 

2015.02.18 දා - බංග්ලාදේශ/ඇෆ්ඝනිස්තාන තරගය නිමා වීමෙන් පසු
‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
නවසීලන්තය 2 2 0 - - 2.624  4.00 
ඕස්ට්‍රෙලියාව 1 1 0 - - 2.220  2.00 
බංග්ලාදේශය 1 1 0 - - 2.100  2.00 
ශ්‍රී ලංකාව 1 0 1 - - -1.960  -   
ඇෆ්ගනිස්ථානය 1 0 1 - - -2.100  -   
එංගලන්තය 1 0 1 - - -2.220  -   
ස්කොට්ලන්තය 1 0 1 - - -3.040  -   
               
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඉන්දියාව 1 1 0 - - 1.520  2.00 
දකුණු අප්‍රිකාව 1 1 0 - - 1.240  2.00 
අයර්ලන්තය 1 1 0 - - 0.618  2.00 
බටහිර ඉන්දීය කොදෙව් 1 0 1 - - -0.618  - 
සිම්බාබ්වේ 1 0 1 - - -1.240  - 
පාකිස්තානය 1 0 1 - - -1.520  - 
එක්සත් අරාබි ජනපදය - - - - - -  - 

අදහස් (0)

බංග්ලාදේශය යන්තම් ඉහළ නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.