අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි කණ්ඩායම ලෙසින් ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වූ බංග්ලාදේශය තරගාවලිය ඇරඹීමට දින 6 ක් පමණක් තිබියදී නවසීලන්තය පරාජය කරමින් ඊට කදිම සූදානමක් ලබාගත්තේය. බංග්ලාදේශ පිල ශුරයන්ගේ කුසලාන තරගාවලියට එක්වූයේ දෙවතාවක්ම ලෝක කුසලාන දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල ඉවතට ඇද දමමිනි.
නවසීලන්තයට එරෙහිව ලබාගත් මෙම ජයග්‍රහණය නිසා පසුගිය ලෝක ශූරයන්වන ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පසුකරමින් එක්දින ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට පැමිණීමට බංග්ලාදේශය සමත්විය. නවසීලන්තයට එරෙහිව ඩබ්ලින් හිදී කඩුලු 5 ක ජයක් හිමිකරගත් බංග්ලාදේශය ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ හයවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
ඩබ්ලින් නුවරදී ඊයේ ලබාගත් ජයග්‍රහණයෙන් පසුව බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 93 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව හා සම තත්වයේ සිටියද දශමස්ථානයට ගත් කළ බංග්ලාදේශය (93.3) දශම 5 ක් ශ්‍රී ලංකාවට (92.8) වඩා ඉදිරියෙන් සිටී. ජූනි 01 වැනිදා ආරම්භවන ශූරයන්ගේ කුසලාන සදහා තරුණ බංග්ලාදේශ කණ්ඩායම සහභාගීවන්නේ ලෝක කුසලාන දිනූ කණ්ඩායම් දෙකක් වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයක් ඇති කරමිනි.
බංග්ලාදේශය මේවන විට එක්දින ශ්‍රේණිගත කිරීම්හී අටවැනි ස්ථානයේ පසුවන පාකිස්තානයට වඩා ප්‍රසාද ලකුණු 5 ක් ඉදිරියෙන් සිටි. අටවැනි ස්ථානයේ පසුවන බටහිර ඉන්දිය කොදෙව්වන්ට වඩා ප්‍රසාද ලකුණු 14 ක් ඉදිරියෙන් සිටී.
අයර්ලන්තය, නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තුන්කොන් තරගාවලියේදී නවසීලන්තය හමුවේ ලකුණු 270 ක් හඹා ගිය බංග්ලාදේශ පිතකරුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ. මෙම තරගාවලියේ අවසන් තරගයක් නොවූ හෙයින් තරග තුනක් ජයගත් නවසීලන්තයට කුසලානය හිමිවිය.
කුසලානය හිමි නොවූවද එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ සිවුවැනි ස්ථානයේ සිටින නවසීලන්තය පරාජය කරමින් ලබාගත් ජයග්‍රහණය ශුරයන්ගේ කුසලාන තරගාවලියට පිවිසෙන බංග්ලාදේශයට මහත් ශක්තියකි. ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී එංගලන්තය, ඕස්ටේ්‍රලියාව සහ නවසිලන්තයට එරෙහිව බංග්ලාදේශය තරග වදී.
නවසීලන්ත ඉනිම - ඕවර 50 කදි කඩුලු 8 ක් දැවී ලකුණු 270
(ටොම් ලැතම් 84, නීල් බෲම් 63, රොස් ටේලර් නොදැවී 60, කොරී ඇන්ඩර්සන් 24, ශකීබ් අල් හසන් 41/2, නසීර් හුසේන 47/2, මෂ්රෆී මොර්තාසා 52/2)
බංග්ලාදේශ ඉනිම - ඕවර 48.2 කදි කඩුලු 5 ක් දැවී ලකුණු 271
(තමීම් ඉක්බාල් 65, සබීර් රහ්මන් 65, මුෂිෆිකූර් රහීම් නොදැවී 45, මහුමුදුල්ලා නොදැවී 46, ජීතන් පතෙල් 55/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.