ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් ඕවල් කී‍්‍රඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම විසින් ලකුණු 15 කින් එංගලන්තය පරාජය කරමින් ලබාගත් ජයත් සමගින් බංග්ලාදේශ සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
එංගලන්තය පළමු වටයේදීම තරගාවලියෙන් ඉවත් විය.
ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති. මේ වන විට ප‍්‍රසාද ලකුණු පුවරුවේ තත්ත්වය අනුව බංග්ලාදේශ පිල ‘ඒ’ කාණ්ඩයේ තුන්වැනි ස්ථානයේද ශී‍්‍ර ලංකා කණ්ඩායම සිවුවැනි ස්ථානයේද සිටින නමුත් හෙට (11 වැනිදා) හොබාර්ට්හි බෙලරිව් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා - ස්කොට්ලන්ත තරගයෙන් පසුව මෙම ස්ථාන වෙනස් විය හැකිය.
‘බී’ කාණ්ඩයේදී ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින නමුත් තුන්වැනි සහ සිවුවැනි කණ්ඩායමට කවුරුන්ද යන්න ඉදිරියේදී තීරණය වීමට නියමිතය.
ප‍්‍රසාද ලකුණු පුවරුව
| ලෝක කුසලාන 2015 - ප්‍රසාද ලකුණු පුවරුව | |||||||
| 2015.03.09 දා - බංග්ලාදේශ/එංගලන්ත තරගය නිමා වීමෙන් පසු | |||||||
| ‘ඒ‘ කාණ්ඩය | |||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ. | ශු.ල.වේ. | ප්‍ර.ලකුණු |
| නවසීලන්තය | 5 | 5 | 0 | - | - | 3.090 | 10.00 |
| ඕස්ට්‍රේලියාව | 5 | 3 | 1 | - | 1 | 1.597 | 7.00 |
| බංග්ලාදේශය | 5 | 3 | 1 | - | 1 | 0.211 | 7.00 |
| ශ්‍රී ලංකාව | 5 | 3 | 2 | - | - | -0.151 | 6.00 |
| එංගලන්තය | 5 | 1 | 4 | - | - | -1.001 | 2.00 |
| ඇෆ්ගනිස්ථානය | 5 | 1 | 4 | - | - | -1.881 | 2.00 |
| ස්කොට්ලන්තය | 4 | 0 | 4 | - | - | -1.423 | - |
| ‘බී‘ කාණ්ඩය | |||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ. | ශු.ල.වේ. | ප්‍ර.ලකුණු |
| ඉන්දියාව | 4 | 4 | 0 | - | - | 2.246 | 8.00 |
| දකුණු අප්‍රිකාව | 5 | 3 | 2 | - | - | 1.462 | 6.00 |
| පාකිස්තානය | 5 | 3 | 2 | - | - | -0.194 | 6.00 |
| අයර්ලන්තය | 4 | 3 | 1 | - | - | -0.820 | 6.00 |
| බටහිර ඉන්දීය කොදෙව් | 5 | 2 | 3 | - | - | -0.511 | 4.00 |
| සිම්බාබ්වේ | 5 | 1 | 4 | - | - | -0.595 | 2.00 |
| එක්සත් අරාබි ජනපදය | 4 | 0 | 4 | - | - | -1.691 | - |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.