නොවැම්බර් මාසයේදී සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී බංගලාදේශ පිල මෙහෙයවීමේ අවස්ථාව වේග පන්දු යවන කී‍්‍රඩක මෂ්රෆී මොර්ටාසාට හිමිවී තිබේ.
ජූලි මාසයේදී තරග තහනමකට ලක්වීම නිසා බංගලාදේශ පිල අවසන් වරට සහභාගී වූ තරග කිහිපය සඳහා කී‍්‍රඩා නොකළ තුන් ඉරියව් කී‍්‍රඩක සකීබ් අල් හසන්, මොර්ටාසාගේ උප නායකයා ලෙස සිම්බාබ්වේ තරගාවලියට එක්වනු ඇත.
කෙසේවුවත් බංගලාදේශ ටෙස්ට් නායකත්වයේ කිසිදු වෙනසක් කර නෙමැති අතර මුෂ්ෆිකුර් රහීම් තවදුරටත් ටෙස්ට් නායකත්වයේ රඳවා තැබීමට එරට තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඔහුගේ උප නායකයා ලෙස ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් කටයුතු කරනු ඇත. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තරග 3 කින් සමන්විත වේ.
මුෂ්ෆිකුර් රහීම් බංගලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස 2011 වසරේ තේරී පත්වූ අතර බංගලාදේශ පිල ඔහුගේ නායකත්වය යටතේ මේ වසරේදී (2014) සහභාගී වූ එක්දින තරග 13 ම පරාජයට පත්වීම නිසා ඔහුව එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෂ්රෆී මොර්ටාසා 2010 වසරේ පැවැති එක්දින තරග කිහිපයකදී බංගලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වය දරා ඇති නමුත් විවිධ ආබාධ වලට ගොදුරුවීම නිසා ඔහුට වැඩි වශයෙන් ජාත්‍යන්තර තරග වලදී බංගලාදේශ පිල නියෝජනය කිරීමේ වරම් අහිමිවිය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.