වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ පානදුර රාජකීය විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර පානදුරේදී පැවැති තරගය විසදුමකින් තොරව අවසන් විය.
මෙහිදී රාජකීය විදුහල් පිලේ නායක ප‍්‍රසන්න පුෂ්පකුමාර පන්දු 129 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත් විය.
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 6 ට 202
(ප‍්‍රසන්න පුෂ්පකුමාර නොදැවී 104, රමේෂ් දිනිදු නොදැවී 68, අමන්ද ද සිල්වා 40/3, චමිදු ඩිල්ෂාන් 34/2)
ධර්මාශෝක විදුහල පළමු ඉනිම කඩුලූ 3 ට 79
(තාරක ද සිල්වා 38, අසිත රාජපක්‍ෂ නොදැවී 40, සුමුදු පැතුම් 24/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.