Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප‍්‍රබලයෙක් නව කමිටුවක් ඉල්ලයි

ප‍්‍රබලයෙක් නව කමිටුවක් ඉල්ලයි

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන්ට නොහොබිනා යෝජනා කර ඇතැයි එල්ලවන චෝදනා පිළිබදව සොයා බැලීමට ක‍්‍රිකට් විධායක කමිටුව විසින් පත්කරන ලද කමිටුව වෙනුවට වෙනත් ස්වාධීන කමිටුවක් පත්කරන ලෙස ඉල්ලා සිටීමට එම කමිටුවට ඇතුළත්ව සිටින ප‍්‍රබල තැනැත්තෙකු සූදානම් වන බව වාර්තා වේ.

මෙම කමිටුව රැස්වන පළමු දිනයේදීම අදාළ පරීක්‍ෂණය සදහා ස්වාධීන කමිටුවක් පත්කරන ලෙස ඉල්ලීමට එම විධායක කමිටු සාමාජිකයා සූදානමින් සිටින බව වාර්තා වේ.  කෙසේ වෙතත් අදාළ කමිටුව රැස්වීම සඳහා තවමත් දිනයක් නියම කර නැති බවත් වාර්තා වේ.  

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට තේරීමට නම් ‘ලිංගික අල්ලස්’ දිය යුතු යයි එල්ලවන චෝදනාව පිළිබදව සොයා බැලීමට පත්කර ඇති කමිටුවට ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, උප ලේකම් හිරන්ත පෙරේරා, උස සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා සහ ජාතික කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය යන මහත්වරු ඇතුළත් වෙති.  

කණ්ඩායමට ඇතුළත්වීමට වෙනත් ක‍්‍රම ඇති බවට ඇතැම් නිලධාරීන් ක‍්‍රීඩිකාවන්ට පැවසූ බවට රාවයක් පසුගියදා පැතිර ගියේය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ප‍්‍රධාන විධායක නිලධාරීයා පැවසූවේ මේ දක්වා කිසිදු ක‍්‍රීඩිකාවකගෙන් එවැනි පැමිණිල්ලක් ලැබී නැති බවයි.

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ පසුගියදා කළ ඉන්දියානු සංචාරයේදී නිලධාරියකු සංචාරයක් අතරතුරදී බීමත්ව සිටි බවට චෝදනා එල්ල වන බවත් ඔහු මෙම කමිටුවට පත්කර ඇති නිලධාරීන් සියලූම දෙනාගේම මිතුරකු බවත් වාර්තා වේ.
 


අදහස් (2)

ප‍්‍රබලයෙක් නව කමිටුවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.