ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අටවැනි සතිය යටතේ පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර අද (21) බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පොලිස් පිල ලකුණු 24-19 ක තියුණු ජයක් ලැබූහ.
මෙය ගුවන් හමුදා පිල පිට පිටම ලැබූ හත්වැනි පරාජය වීම කැපී පෙනේ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට දෙපිලම ලකුණු 12-12 ක් ලෙස සම තත්ත්වයේ සිටියහ.
ජයග‍්‍රාහි පොලිස් පිල ගෝල සහ උත්සාහක දිනුම් දෙක බැගින් සම්පූර්ණ කළ අතර ගුවන් හමුදාවට ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.