Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පුරුදුකාරයන්ට වැඩි බර

පුරුදුකාරයන්ට වැඩි බර

editorial - 2021 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

රතු පන්දුවට ඇස හුරුකරගැනීමට තිබූ එකම තරගයත් සම්පූර්ණයෙන්ම වැස්සට සේදී ගියේය. මාස 8 ක පමණ කාලයක් තිස්සේ ශී‍්‍ර ලංකාවේ දේශීය කි‍්‍රකට් තරගත් නොපැවැත්විණ. කෙසේ වෙතත් මේ කිසිවක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට හෝ කි‍්‍රකට් ආයතනයට නැතහොත් පුහුණුකරුවාට පාලනය කළ හැකි දේවල් නොවේ.

එබැවින් පවතින තත්ත්වයට අනුගත වී, කොදෙව්වන්ට එරෙහිව ජයග‍්‍රාහී සැලසුමක් ඇඳගැනීම ශී‍්‍ර ලංකාව හමුවේ පවතින අභියෝගයයි.

එහි මුල්ම පියවර වශයෙන් පළපුරුදු පිතිකරුවකු මෙන්ම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට කැඳවා තිබේ. තවත් පළපුරුදු ටෙස්ට් පිතිකරුවකු මෙන්ම හිටපු නායකයකුද වන දිනේෂ් චන්දිමාල්ට කඩුලූ රැුකීමේ අත් ආවරණ බාරදී, කණ්ඩායමේ සිටින තරුණ කඩුලූ රකින්නා සමගින් එක පෙළට තබා ඇත. ශී‍්‍ර ලංකාව සහ කොදෙව් පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෙට (ඉරිදා) ආරම්භ වන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සංයුතිය තීරණය කිරීමේ නැතහොත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සමබර කිරීමේ තීරණාත්මක සාධකය වන්නේ ද කඩුලූ රකින්නාය.

මූලිකව සැලසුම් දෙකකි. එකක් පිතිකරුවන් 6 දෙනකු සහ වේගයෙන් පන්දු යැවිය හැකි තුන් ඉරියව් කී‍්‍රඩකයකු ද සමගින් දඟ පන්දු යවන්නන් තිදෙනකු කැටුව පිටියට යාමයි. අනෙක පිතිකරුවන් 7 දෙනකු සමගින් තරගයට යාමයි. මේ දෙකින් කවර සැලසුම අනුගමනය කළද, කඩුලූ රකින්නා එහි ඉතාමත් වැදගත් භූමිකාවක් හොබවනු ඇත.

”(දිමුත්) කරුණාරත්නගේ අවසන් ටෙස්ට් ඉනිමේදී ඔහු ද්විත්ව ශතකයක් ලබාගත්තා. ඇන්ජලෝ කියන්නේ වර්තමාන ටෙස්්ට් පිටියේ සිටින හොඳම කී‍්‍රඩකයෙක්. සුරංග ලක්මාල් වුණත් අපේ වේග පන්දු බලඇණිය සඳහා ඉතාමත් හොඳ කී‍්‍රඩකයෙක්”

”ඒ වගේ පළපුරුදු කී‍්‍රඩකයන් නැවතත් කණ්ඩායමට එක්වීම, මේ තරගාවලියේදී, ඉතාමත් තීරණාත්මක සාධකයක් වේවි” යයි ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සිය අවසන් පැවරුම බාරගත් පුහුණුකරු මිකී ආතර් මහතා කියයි.

ශී‍්‍ර ලංකා පිතිකරු ලයිස්තුව සකස් කිරීමේදී අංක 3 ස්ථානය සම්බන්ධයෙන් විසඳාගත ගැටළු කිහිපයකි. කෝඩුකාර චරිත් අසලංකට එය බාරදෙන්නේද?, නැතහොත් පළපුරුදු ධනංජය සිල්වා හෝ  ඕෂධ ප‍්‍රනාන්දු එතැනට කැඳවන්නේද යන්න තේරීම් කමිටුව හමුවේ ඇති උභතෝකෝටිකයයි. කෙසේ වෙතත් කඩුලූ රකින්නා වශයෙන් දිනේෂ් චන්දිමාල්ට තරගයක් දීමට තරුණ කී‍්‍රඩකයකු වන මිනෝද් භානුකට සිදවනු නිසැකය.

ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ අංක එකේ වේග පන්දු යවන්නා ලෙසින් සුරංග ලක්මාල් තවමත් සැලකිල්ලට ලක්වී සිටී. ඒ අනුව ඔහුට වැඩි වගකීමක් පැවරී තිබේ. පුහුණුකරුවාගේ සටහන් පොතේ කුමන සැලසුම් තිබුණද, තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ලේදී වන බැවින් ද`ග පන්දු යවන්නන් එහි පෙරමුණ ගනු නිසැකය.

මෙම කාසියේ අනෙක් පැත්ත නම් කොදෙව් කණ්ඩායම ශී‍්‍ර ලංකාවේදී පළමු වැනි ටෙස්ට් ජයග‍්‍රහණය සොයමින් සිටීමයි. ශී‍්‍ර ලංකාව ටෙස්ට් වරම් ලබා වසර 11 කට පසුව ආරම්භ වූ ශී‍්‍ර ලංකා - කොදෙව් ටෙස්ට් තරග ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව ඇතුළතදී ටෙස්ට් තරගයක් ජයගැනීමට කොදෙව් පිල මෙතෙක් අපොහොසත් වී තිබේ. කෙදෙව්වන් ලබාගත් ටෙස්ට් තරග 4 ම ජයගෙන ඇත්තේ බටහිර ඉන්දීය ¥පත් සමූහයේදීය.

”අපි මෙහි ආවේ තරගාවලිය දිනන්න. අපේ කොල්ලන්ට ඒ උවමනාව තදින්ම තියෙනවා. ඒගොල්ලන්ගේ ඇස් දිහා බලන්න. ඔබටම එය පෙනේවි” යයි කොදෙව් පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ජර්මේන් බ්ලැක්වුඞ් වාර්තාකරුවන්ට කීවේය.

”ශී‍්‍ර ලංකාවේ හොඳ දඟ පන්දු යවන්නන් ඉන්නවා තමා. ඒත් අපි ඒ අභියෝගයට සූදානම්. අපි බංග්ලාදේශයේදී බංග්ලාදේශය පරාජය කළ තරගාවලිය දිහා ඔබ බැලූවානම්, එදා අපි ජයගත්තේත් මේ වගේම තණතීරු වලදී බව ඔබට පෙනේවි... ඒ තරගාවලියට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් වැඩි දෙනෙක් මෙහි ඉන්නවා”

”අපි හොඳ කණ්ඩායමක්. අපි කලින් වතාවලදී ශී‍්‍ර ලංකාවේ දී ජයගත්තේ නැතිවා වෙන්න පුළුවන්. ඒත් මේ වතාවේදී අපි දිනන්න සූදානම්” යයිද බ්ලැක්වුඞ් කීවේය.
 
ටෙස්ට් ලෝක ශූරතාවලියේදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගවලිය 1-1 ක් ලෙසින් සමකරගත් කොදෙව්වෝ ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා සිටිති. එහෙත් වත්මන් ටෙස්ට් ශූරතාවලියේදී වඩා වැදගත් වන්නේ ලබාගන්නා ප‍්‍රසාද ලකුණු නොව, ජයග‍්‍රාහී ප‍්‍රතිශතයයි. එබැවින් ඉදිරි වසර දෙකක කාලයේදී පැවැත්වෙන ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායම් වලට 2023 දී අවසන් තරගයට පිවිසීමේ වැඩි අවස්ථාවක් තිබේ.

කොරෝනා වයිරසයේ බලපෑමෙන් රට සම්පූර්ණයෙන්ම මිදී නැතත්, ශී‍්‍ර ලංකාව අගුලූ දැමීමේ තත්ත්වයෙන් මිදී තිබේ. මිනිස්සු පොදි කමින් බස්වල යති. විරෝධතා නැතහොත් රාජ්‍ය උත්සව වලද අඩුවක් නැත. අගමැති කුසලාන පාපන්දු තරගාවලියේදීත් ප‍්‍රවේශ පත් විකිණෙයි. එහෙත් ගාල්ලේ ටෙස්ට් තරගය කි‍්‍රකට් ලෝලීන්ට තහනම් කලාපයකි.

ශී‍්‍ර ලංකාවේ අන් කොතැනක ටෙස්ට් තරගයක් පැවැතියත්, ඒ සෑම කී‍්‍රඩාංගණයකටම පැමිණෙනවාට වඩා වැඩි පේ‍්‍රක්‍ෂක පිරිසක් ගාල්ලේ සිටිති. එහෙත් ගාලූ කොටු පවුර දෙපැත්තෙන්, ගොළු මුහුදට මුහුණ ලා පිහිටි තණබිම් තීරු දෙකම ඉදිරි දින පහේදීත් හිස් ලෙසින්ම පැවතීම ගාල්ලේ කි‍්‍රකට් ලෝලීන්ට කළ කෙණිහිල්ලකි.


ශී‍්‍ර ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, චරිත් අසලංක,  ඕෂධ ප‍්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, මිනෝද් භානුක, රොෂේන් සිල්වා, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, කමිල් මිෂාර, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්, විශ්ව ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, අසිත ප‍්‍රනාන්දු සහ චාමික ගුණසේකර


කොදෙව් සංචිතය
ක්‍රෙග් බ‍්‍රැත්වෙයිට් (නායක), ජර්මේන් බ්ලැක්වුඞ්, නිකෲමා බෝනර්, රොස්ටන් චේස්, රකීම් කොන්වෝල්, ජොෂුවා ද සිල්වා, ෂැනන් ගේබි‍්‍රයෙල්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්, කයිල් මේයර්ස්, වීරසාමි පෙරුමාල්, කෙමාර් රෝච්, ජේඞ්න් සීල්ස්, ජෙරමි සොලොසානෝ සහ ජොමෙල් වැරිකන්

 


අදහස් (0)

පුරුදුකාරයන්ට වැඩි බර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.