මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායම කඩුලූ 4 කින් පරාජය කළ කොළඹ ශාන්ත පීතර විදුහල් කී‍්‍රඩකයෝ මුරලි සාම කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරතාව දිනාගත්තේද ශාන්ත පීතර කණ්ඩායමයි.
ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක රවීන් සේයර් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ හර්ෂ උපේන්ද්‍ර තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසත්, එම කණ්ඩායමේම සහන් නානායක්කාර දක්ෂතම පන්දුයවන්නා ලෙසත් සම්මාන ලබාගත්හ.
කිලිනොච්චිය මධ්‍ය මහ විදුහල් කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා)පැවති අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනූ ශාන්ත පීතර විදුහල් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමට ආරාධනා කර සිටියේය. ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ ආක‍්‍රමණශීලී පන්දුයැවීම හමුවේ ලකුණු 10 සීමාව පසුකර යෑමට හැකිවූයේ ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ කී‍්‍රඩකයන් 4 දෙනකුට පමණි.
එහිදී කී‍්‍රඩකයන් සිව් දෙනකුම ලකුණු ලබාගැනීමට පෙර දවා ගැනීමට ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.
ලකුණු 102 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශාන්ත පීතර විදුහල් කණ්ඩායමට ඒ සඳහා ඕවර 19 ක් වැයවූ අතර නායක කාවින්ද ද තිසේරා ලකුණු 24 ලබා තරගය අවසන් වන තෙක්ම කඩුල්ලේ රැුදී සිටිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
මහනුවර ති‍්‍රත්ව විදුහල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 102
(කවීන් හිනිදුම 24, රවින් සේයර් 15, අර්ජුන ජයසිංහ 20, සහන් නානායක්කාර 14/3, නවීන් දර්ශන 17/2)
ශාන්ත පීතර විදුහල - ඕවර 19 කදී කඩුලූ 6 ක් දැවී 106
(හර්ෂ උපේන්ද්‍ර 26, ජනිත් ලියනගේ 15, කාවින්ද ද තිසේරා නොදැවී 24, සචින් දල්පදාදු 20, අර්ජුන ජයසිංහ 10/2, රවින් සේයර් 16/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.