Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පීතරයන්ට ඉනිමක ජයක්

පීතරයන්ට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 57 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ශාලිත ප්‍රනාන්දු, සුලක්ෂණ ප්‍රනාන්දු සහ ප්‍රභාෂණ හේරත් අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මොහොමඞ් අමීන් කඩුලු 9 ක් සහ සචින් සිල්වා කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා.පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77.1 කදී සියලුදෙනා දැවී ලකුණු 308
(ශාලිත ප්‍රනාන්දු 75, සුලක්ෂණ ප්‍රනාන්දු 57, ප්‍රභාෂණ හේරත් 51, ශැනන් ප්‍රනාන්දු 48, රන්මිත් ජයසේන 23, තුෂාන් හේරත් 43/4, යසිත් සමරරත්න 75/3, උපේන්ද්‍ර වර්ණකුළසුරිය 113/3)

ධර්මරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී ලකුණු 112
(විරාජිත ඇහැලේපොල 45, මොහොමඞ් අමින් 60/4, සචින් සිල්වා 12/2, ශිවන් පෙරේරා 15/2)

ධර්මරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 46.3 කදී සියලුදෙනා දැවී ලකුණු 139
(බවන්ත උදන්ගමුව 47, ඉසුරු දයානන්ද නොදැවී 23, සචින් සිල්වා 48/5, මොහොමඞ් අමින් 60/5)


අදහස් (0)

පීතරයන්ට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.